<•"ඕකේ.. මේ අනිත් ෆයිල්ස් ටික චෙක් කරලා ගෙනල්ල දෙන්න."
"හරි සර්.. මම යන ගමන් මිස්ටර් අගනට එන්න කියාගෙන යන්නම්.. "
"ම්ම්"
අද උදේම වැඩ තොගයයි.. ඒ මදිවට අනිද්ද සබ්මිට් කරන්න ඕනේ ෆයිල් තුනකම වැරදි අතේ ඇඟිලි ගානට.. දුවගෙ දේවල් බලන්නත් ඕනේ.. අප්පච්චි නැති උන දවසෙ ඉදලා වතුපිටි වල දේවල් බලන්නත් ඕනේ.... ඒ මදිවට ඔෆිස් එකෙත් ප්‍රශ්න..
කැරකෙන පුටුවට බරදීපු මම බිතිතිය පැත්තට පුටුවත් එක්කම හැරුනේ උදේ ඉදන් වේදනා දෙන ඇහිබැම පොඩි කරගන්න ගමන් වෙනකොට මට ලොකූ හුස්මක් නොදැනීම අතෑරුනා.... මගේ කරුම ජීවිතේ හැමදාම මේ වගේ...ඇත්තටම මම මෙච්චරම විඳවන්නෙ එයාට මගේ අතින් උන වරද නිසාද? ඒකද කාත් කවුරුත් නැතිව මට දරුවෙක් එක්ක තනි වෙන්න උනේ.. ඒ නිසාද ගෙදරකම බර මට තනියම දරන්න උනේ.. කොටින්ම අප්පච්චිගේ පරම්පරාවෙන්ම කරගෙන ආපු මැණික් බිස්නස් එකත් එක්කම අක්කරගනන් පොල් වතුයි මේ තේ අපනයන කරන සමාගමයි මගේ කරපිටම වැටුනේ..
"අනිල් දැරණියගල" මීගස්තැන්න වෙනුවට අම්මාගෙ දැරණියගල වාසගම ගත්තු බිත්තිය පුරාම අරක්ගෙන තිබුන අප්පච්චිගේ රත්තරන් පාටින් රාමු කරපු ලොකු පින්තූරෙ දිහා මූණේ කිසිම හැගීමක් නැති මම බලන් උන්නා.. ඔව්.. මගේ මූණ දැන් අවුරුදු ගානක් පුරාවටම වෙන හැගීමක් අදුරන්නෙ නැති තරම්.. මගේ දැන් එකම සැනසීම පොඩි එකී විතරයි...
මේ ෆැක්ට්‍රිය මේ තැනට ගේන්න දත කාපු අප්පච්චිවම උන් මරලා අප්පච්චිගෙම පින්තූරෙ මහ උජාරුවට රාමු කරලා..
පරදාර සේවනයට මගේ අප්පච්චිට ලැබුන තෑග්ග....... අප්පච්චි වැරදි.. එයාට අම්මා ගැන හිතන්න තිබුනා.. පුංචි මම ගැන හිතන්න තිබුනා... ඒත් නෑ.....
එදා අවුරුදු 14ක කොල්ලෙක් උන මගේ ඉස්සරහා නාවර පෙරාගත්තු අවුරුදු 8ක විතර හිඟන පැටියෙක් වගේ හිටගෙන කටපුරා හිනා වේගන උන්න කොල්ලව මට මතක් උනා. අප්පච්චි ඌව මුලින්ම ගෙදර එක්ක ආව හැටි.. ඌ මට මුලින්ම අයියා කියලා අතේ එල්ලුන හැටි.. මම ඌව ඉස්තෝප්පු පඩියෙන් එලියට විසිවෙන්නම තල්ලු කරපු හැටි.. ඒ අතරේ අහසින් පාත් උන මල්ලිට රිද්දපු නිසා මට දඩුවම් ලැබුන හැටි.... සාරි පොටෙන් මූණ වහත්තු අම්මා අඩාගෙනම කාමරේට දුවන හැටි.. මේ හැම දෙයක්ම අද ඊයේ උනා වගේ අප්පච්චිගේ පින්තූරෙ අස්සෙ ඇඳෙන්න ගන්නකොට කට්ට පොලොවෙ දණගස්සලා එදා හම ගිය දණහිස්වලට මගේ අත ඉබේම අරන් ගිය මට ලොකු හුස්මක් පිට උනා.
YOU ARE READING
අග්‍රධීර {non fic}
No Ficciónප්රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුනු හදවතක් සහ ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුනු හදවතක්!