•අටවන දිගහැරුම•

133 20 23
                                    



මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
එත හැකියි නම් නුඹට.. සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න....

උඹ නැතුව මේ ගෙවන ජීවිතේ මොකද්ද අධීරූ...
කාර් ඇතුලේ සිංදු කියමින් උන් ගංඟාදරව මම නිහඩ කරා.. ඇත්තටම මේ වචනත් කොච්චර සනීපද... අපි වගේ නිවනක් නැතිවම හැම වගකීමක්ම ඔලුවට අරන් නැහෙන මිනිස්සුන්ට මේ වචන.. මේ හඬ.. ඇත්තටම වෙලාවකට නිවනක්....ඒත් උබ නැතිව පෑරෙන හිත... ඒකට නිවනක් කොයින්ද.. අන්තිමට මට උබත් නැති උනා මගේ නිවර්ථනාත් නැති උනා ධීරූ.... මගේ අතින් උබට වෙච්ච අපරාදේ පලදුන්නේ මගේ දූගේ අම්මාටද ධීරූ... උබ ඒ ලේ ගොඩේ ඉදගෙනත් මට සාප කරන්න ඇති රත්තරන්... මට සමාවෙයන් බන්.. ඉන්න තැනක ඉදලා මට සමාවදීපන් මගේ ධීරූ... උබේ සුදු අයියා තවමත් මැරෙන්න බැරි කමට ජීවත් වෙවී විදවනවා.... නිතරම වගේ මතක් නොවුනත් දූගේ අලුත් සර් නිසා දැන් දැන් නිතරම වාගේ වේදනා දෙන පපුව මම එක අතකින් මිරික ගත්තා.

"අම්මා දූට මේක දෙන්න"

ගංඟාදරත් එක්කම හිත පාරව ගන්න ගමන් වලව්ව කියන ගෙදරක් නොවුන ගෙදරට ආපු මම දූගේ අලුත් සර්ගෙන් ලැජ්ජ නැතුව අරන් ආපු කොත්තුව අම්මට දික් කරා.

"දැන් වෙලාව කීයද මා පුතා.. දහයාමාරටත් කිට්ටු වෙන්න.. චූටි මැණිකේ කාලා නිදාගත්තා.. ආන් තාම මගෙ කාමරේ"

ඔසරි හවඬි මාල බන්ඩි වළලු ගලවල රෑ ඇදුමට මාරු වෙලා උන්න අම්මා කියන ලොකු මැණිකේ මගේ අතේ පාර්සලේ දිහා නොබලාම රෑදුමට උඩින් දාන් උන්න හවුස් කෝට් එකත් හදාගෙන ඇතුලට ගියා.
මුළු වත්තම එකාකාරෙට කලුවර වැටිලා.. ගේ ඇතුලත් මහ වෙනසක් නෑ.. ලයිට් දාලා තිබුනත් අන්ධකාරෙ ගිලගෙන...මූසලයි....මෙච්චර වෙලා ඉස්සරහා පෝටිපෝවේ හිටගෙන හිටිය මම අම්මාගෙ පස්සෙන්ම ගේ ඇතුලට ගියා. ඉස්සර තිබුන කලඑළිය දැන් වලව්වේ නෑ... ඉස්සර තිබුන සැනසීම දැන් වලව්වෙ නෑ. මට හිතාගන්න බෑ.. නිවර්ථනාත් එක්කම ඒ දේවල් මැකිලා ගිහින්ද ඒත් නැත්තන් එයා එන්න කලින් ඉදලම මේ වලව්ව මෙහෙමද...මටද ඒක පෙනුනේ නැත්තේ... පුදුමයක් නෑ..කීයක්නම් ජීවිත මේ වලව්ව අස්සෙ කාටත් හොරා අවසන් හුස්ම හෙලන්න ඇතිද...

අග්‍රධීර {non fic}Where stories live. Discover now