" ගරු උසාවිය ඉදිරිපිට ඇලෙනි ෆොරින්ඩා මෙනවියගේ මරණය සදහා එරෝන් කොලින් වැරදි කරු නොවන බවත් ඔහුව මෙයින් නිදොස් කොට නිදහස් කරනු ලබන බවත් මෙයින් දන්වා සිටිමි. "
" මාසයක් අදට මාසයක්. ඇලෙනි මැරිලා. නෑ මරලා මාසයක් ගිහින් එකට වැරදි කාරයා විදිහට එයාගේ පෙම්වතා වෙච්ච මාව සැක කරත් සාක්ෂි නැති නිසාම එයාලට මාව නිදහස් කරන්න උනා. ඒත් මගේ ඇලෙනිව මරපු මිනිස්සුන්ගෙන් අනිවාර්යෙන් මන් පලි ගන්නවමයි. "
මන් ගෙදර ආවා හරියටම මාසෙකට පස්සේ. එයා නැති වෙලා මාසෙකට පස්සේ මන් තනියම අයෙත් ගෙදර. එයා එයාගේ මරණේ හරිම අත්බුතයි. පිටින් පේන කෙනෙක්ට ඒක ගිනි තියාගෙන මැරුණා වගේ පෙනුනත් මන් ඇස් දෙකෙන්ම දැක්කා. පුල් එකෙන් ගොඩ ආපු මගේ කෙල්ලව ගිනිගන්නේ කොහොමද? කොච්චර වතුර දාලා නිවන්න හැදුවත් මගේ ආදරේ ඇස් ඉස්සරහම පිච්චිලා අළු වෙලා යනකන්ම මට මුකුත් කරගන්න බැරි උනා. එක කොහොමද උනේ කියන්න දන්නේ නෑ ඒත් ඉක්මනින් එකට උත්තරේ මන් හොයාගන්නවා.
අවුරුදු 3 ක මගේ ආදරේ. එයා ආසම මගේ කොලින් නමින් කතා කරන්න. මාව හදාගන්න ගත්ත අම්මයි තාත්තායි ඇක්සිඩන්ට් එකකින් නැති උනාට පස්සේ මගේ කොලේජ් යාළුවා වෙච්ච ඇලෙනි තමා මගේ හැමදේම උනේ, ඒත් එයත් දැන් මන් ලග නෑ. කොච්චර සල්ලි, බලය තිබුනත් දැන් මන් නිකමෙක් වෙලා. කව්ද කියන්නේ සල්ලි තමා ජිවිතේ සතුට කියලා. ආදරයක් නැත්නම් මනුස්සයෙක්ට ජිවත් වෙන්න හරි අමාරුයි අන්න එකයි ගොඩක් අය නොකියන ඇත්ත. කෙනෙක්ට ජිවත් වෙන්න ආසාවක් ඇති කරවන ලොකුම දේ තමා ආදරේ කියන්නේ. අදින් පස්සේ මන් ජිවත් වෙන්නේ එයාගේ ආදරේට සදාරණයක් ඉෂ්ට කරන්න විතරයි.
" එයාගේ මරණේ මනුස්සයෙක්, ස්වබාවික හේතුවක්, නැත්නම් යක්ෂයෙක් ගෙ වැඩක් උනත් මන් සේරමල්ලා විනාස කරලා දානවා "
YOU ARE READING
†_My Dear Angle_†
Fantasy"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"