ඒ ලොකුම ලොකු විශාල දොර ලොකු සද්දයක් එක්ක අරුනා. මන් හිතන්නේ ගොඩක් කාලයක් වහල තිබුන නිසා වෙන්න ඇති. වැඩ කරන අයත් එන්නේ පිටිපස්සේ දොරෙන් නේ.
මන් පඩිපෙළ නැගලා කෙලින්ම කොරිඩෝව දීගෙ ඇවිදගෙන ගියේ තාත්තගේ රහස් කාමරේ තිබ්බ තැන හොයාගෙන.
කොරිඩෝ එකේ තිබ්බ පස්වෙනි එන්ජල් රුපේ පිටිපස්සට කරපු ගමන් එතනම පොත් රාක්කෙ පිටිපස්සේ හැංගිලා තිබුන රහස් දොර අරුනා.
ඒ වගේම ඒක ඇතුලට මන් ගියා, ටිකක් පරණ වෙලා හැබැයි තිබ්බ විදිහමයි. කොලයක්වත් මුකුත් එහෙ මෙහෙ තිබ්බේ වෙලා නෑ.
" මෙතන අනිවාර්යෙන් ඒක තියෙන්නේ ඕන. නැති වෙන්න බැ, කොහේම හරි තාත්තගේ ඩයරි ඒක හංගලා තියෙන්න ඕන. "
'එතනම කබඩ් එකක් උඩ ලුණු වලින් වට කරපු පෙට්ටියක් දැක්කේ එතකොටයි මම. ඒක පහලට අරගත්ත මම ඒක පරික්ෂා කෙරුවත් කිසිම තැනක ඒක අරින්න පුළුවන් විදිහේ යතුරු හිලක්වත් යතුරක් වත් තිබ්බේ නැ අමුතු සලකුණක් ඇරෙන්න.'
" මාලේ මගේ මාලේ. ඔව් ඒක තමා පෙට්ටියේ උඩ කොටලා තියෙන්නේ "
ඒ එක්කම මාලේ ගලෝපු මන් ඒක එතනින් තිබ්බා. ඒත් කිසිම වෙනසක් උනේ නෑ, මන් අයෙත් පාරක් පරික්ෂා කරද්දී මට ඒක තේරුනේ. ඒක ඇරගන්න තියෙන ක්රමේ. එතන මෙසේ උඩ තිබ්බ පැනක් අතට ගත්ත මම අත කපාගෙන මගේ මාලේ තිබ්බ තැනට මගේ ලේ වැක් කෙරුවා. ඒක රටාවකට වගේ ගිහින් එකපාරටම ඒ box ඒක open උනා. එකේ ඇතුලේ තිබ්බේ මෙච්චර වෙලා හොයපු මගේ තාත්තගේ ඩයරි ඒක.
ඩයරි එකයි මාලෙයි ගත්ත මම එතනම ඉදගෙන පොත කියවන්න ගත්ත.
" මේ අවුරුදු ගානටම මේ මාලේ බෙල්ලෙන් ගලවපු පලවෙනි අවස්ථාව මේක. මන් හිතනවා දැන් තාත්තා මට මේක දුන්නේ හේතුවක් ඇතුව, ඒ වගේම මන් හිතනවා මගේ ප්රශ්න වලට විසදුම් මේ පොත ඇතුලේ ඇති කියලා "
.
.
.
.
.
YOU ARE READING
†_My Dear Angle_†
Fantasy"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"