.....................................................
Happy birthday to u
Happy birthday to u
Happy birthday dear heshith
Happy birthday to u ~
Clap ~
.
.
.
^
හායි...හායි..කොහොමද ඉතින් ... ගොඩකාලෙකින්නේ...ම්ම්ම්..අපි මේ හේෂ් අයියලාගේ ගෙදර ඇවිත් ඉන්නෙ දැන් ... අද ඇට වවුල්ස්ගේ ජන්ම දිනේනේ..ඒ නිසා අපෙ අම්මයි තාත්තායී එක්කම මාත් මෙහෙට රිංගුවා....හී මන් නැතුව මොන උපන්දිනද නේද අනේ...උපන්දිනයක් කියලා කිව්වට ඉතින් ලොකූ පාටි එකක් නෙවේ හේශ් අයියලාගෙ ගෙදර අයයි අපෙ ගෙදර අයයි විතරයී ඉන්නේ....ක්‍රිශ් අන්කල් ඇට වවුලට බැනලා උගෙ නැහැදිච්ච රැල එක්කන් එන්න එපා කියලා ...කේක් ඕනනම් ගෙදර අය එක්ක ගෙනත් කපපන් කිව්වලූ නැත්තන් යන්න පුලුවන් කිව්වලූ ආය නාවට කමක් නැ කියලත් කිව්වලූ කියලා මං අහගෙන ඇට වවුලා අපේ සුකුරුනා එක්ක කියවනවා...හොදම වැඩේ මන්නම් කියන්නේ..මුන්ට උපන්දින පාටිමයි දාන්න වටින්නේ එහෙම දාන්නත් මුගෙ කිසි වටිනාකමක් නැනෙනේ..ගෙදරින් පිනට කකා ඉන්න එකනෙ ඌ කරන්නේ...මුනම් මේ ආත්මෙට හැදෙන ජාතියේ එකෙක් නෙවේ..පුහ්:...තිරිසන්නු වගේ අනේ...ඒකට අපි ඇවිල්ලා මල් වගේ ලමයී කොහෙද මුන් අපි දිහා බලලවත් හැදෙන්නේ නැනේ...මුන්ට එහෙම හිතෙන්නත් මොලේ තියෙන්නෙ එපැයිනෙ නේද...අනේ මුන් සේරම මෝඩ මී හරක් අප්පා....මගෙ මේ කියන කට හොදයි ඒකට කලු ගලක උලාගන්නවා..තිරිසන්නු...ඇට වවුලා උගෙ නමයි වයසයි ගහලා තියන කේක් ගෙඩියෙන් කෑල්ලක් කපලා ඉස්සල්ලාම සුදු නැන්දිටයි ක්‍රිශ් අන්කල්ටයි කවලා පස්සේ ආච්චී අම්මටත් කවලා අපෙ අම්මටයි තාත්තටයිත් කැව්වා...මෝඩ බල්ලා මට කැව්වෙ නැ ඕනනම් අරන් කාපන් කියලා ඌ ගියා දෙවෙනි ඉනිම බලන්න...ඉදකින් මෙව්වටත් උපන්දින පාටි කියලා කියනවනේ...අනේ හෙනම ගහපිය තිරිසනාට මන්නම් කියන්නේ....
අද මෙතන හැමෝම හිටියට එක්කෙනෙක් අඩුයි..ඒ කෙනාගේ අඩුව වෙන කාටත් වඩා මට අද තදින්ම දැනුනා...එදා හවස දැක්කත් හරි මං ආය එයාව දැක්කෙ නැ...මගේ පපුවට නිකන් කටු වලින් අනිනවා වගේ ෆීලින්ග් එකක් දැනෙන්නේ.කොච්චර හොදට හිනාවෙලා ආතල් එකක් අරගෙන ඉන්න හැදුවත් එයාව මතක් වෙන වාරයක් ගානෙම මගෙ ඇස්වලට කදුලු බිංදු නලියනවා...මට පිස්සු වගේ දැන්නම්...මට එයාව ඕනේ...මං කොච්චර පොර ටෝක් දුන්නත් මට ඒකාව නොබලා ඉන්නත් බැ එයා නැතුව ඉන්නත් බෑ......ඒක පාර්ශ්වික ආදරේ කියන්නෙම වේදනාවක් බං...අනිත් ආදර කතා වගේ නෙවෙයි මගෙ කතාව... අනිත් අයට ඒක පාර්ශවික ආදරේ මොන තරම් සුන්දර උනත් මට එහෙම නැ...අනිත් එවුන්ට උන් ආදරේ කරන එකාව බැලුවා දැක්කා සැනසුනා ඒත් මම..මම එහෙම නෙවේ කොයිවෙලෙත් හේශ් අයියා හොදින්ද..අදත් ප්‍රශ්නයක් දාගෙන ඇතිද...අදවත් වේලාසන ගෙදර එන්න ඇතිද...කියලා දහයක් දේවල් ගැන හිත හිත පිච්චි පිච්චි ඉන්නේ...මං ඉන්නෙම ගිනි ගොඩක් උඩ බං....මේ මනුස්සයාව මට තේරෙන්නෙ නැ...අදත් ගෙදර නැ..දැන් වෙලාව නවයටත් කිට්ටුයි..කොහෙ ගිහින්ද..මොනා කරනවද කියන්න කවුරුත් දන්නේ නෑ ඒක දන්නේ ඉතින් උඩ ඉන්න දෙවියොයි එයයි විතරමයී....ක්‍රිශ් අන්කලුත් නැන්දිගෙන් ඇහුවා හේශ් අයියා ගැන හවස ..නැන්දි හැමදාම වගේ අදත් බොරුවක් ගෙතුවා සතීශ් අයියගෙ ගෙදර ගියා කියලා ... හැමදාම ඔහොමලූ..දවසක් නැන්දි අපෙ අම්මා එක්ක කියනවා මම අහගෙන..එදා මං හිතාගෙන හිටියේ එයාට කතා කරනවා කියලමයි ඒත් මට බැරි උනා එදා එයත් එක්ක කතා කරන්න ...අදවත් එයා එක්ක කතා කරන්න පුලුවන් උනොත් හොදයී..
YOU ARE READING
අවාරෙක මෙහි ඇවිත්_🦋🤍
No Ficción" සමහර ඇබ්බැහිවීම් ජීවිතේටම වලංගුයි චූටී " _ඩියෝන් හේශ්_ Akkubae_🦋✍️