" කෝ චූටී පුතා බහින්නකෝ වස්තුව තාත්තා දැන් යන්න ඕනනේ..."
මං හිටියේ අපෙ නිලමෙගේ ඔඩොක්කුවේ ඔලුව ගහගෙන .. මොකද මට දැන් හොදටම දුක හිතිලා ඉන්නේ.ඇයි වදේ..මටෝන්නැ අනෙ මිනිස්සු...පුදූම උණක්නෙ මටත් තිබුනේ මිනිස්සු හොයාගන්න ..දැන් හරිනෙ පුකේ අමාරුව...ම්හ්ක්..අනේ කෙල්ලනේ ඊයෙ රෑ අර මිනිහා ඇවිත් මට ආදරෙයි කියලා ගියා ගියාමයි මේ මිනිහා ගෙදරත් නැ...ඒකාගේ ෆෝන් එක වැඩත් නැ..පුදුම මිනිහෙක් තමා අප්පා ආවදෙන්කො අද හූචී ගාගෙන..තිරිසන් සැමියා..ආආආආඅ කොටනවා මම ඕකට අද මගුලේ යනවට..
" ම්ම්හ්ක්..තාත්තා..."
අද නිලමෙට රෑ වැඩ නිසා එයා දැන් හොස්පිටල් එකට යන්න ලෑස්තිය...ඒ අස්සේ තමා මම ගිහින් නිලමෙගේ ඔඩොක්කෙට පැන්නේ...තාත්තා මට නැගිටින්න කියලා කියද්දි මම කෙදිරි ගගා තව ටිකක් නිලමෙට තුරුල් වුනා...
" මොකද..ම්ම්..මොනාද මගෙ පුතාට ඕනේ..."
මට ඕනේ එහා ගෙදර ලොකු එකාව කියලා කියන්නත් කට හදලා පස්සේ කට වහගත්තා නැත්තන් අද නිලමෙ නෙවේ හොස්පිටල් යන්නේ මම...හේ හේ අවධානමක් ගන්න ඕන නෑනේ මොනා උනත්.....තාත්තා මගෙන් මොනාද ඕනේ කියලා අහද්දි මම මොකුත් නැ කියලා කියන්න ඔලුව වනලා නිලමෙගෙ කම්මුලකට තොල් තද කලා...ම්හ්ක්..මගේනේ ඉතිම්..
" මොකුත් නැ...තාත්තා පරිස්සමෙන් ගිහින් එන්න...."
නිලමෙගෙ කම්මුලකට කිස් එකක් දීලා එහෙම කියද්දි තාත්තා මගේ ඔලුව අතගෑවා..
" ම්ම්..මගෙ පුතාත් අම්මා එක්ක පරිස්සමෙන් ඉන්න ඕන හොදද...."
තාත්තා මගේ ඔලුවත් ඉබලා අම්මාව හොයගෙන කුස්සියට ගියා..ඊට පස්සෙ මමත් කාමරේ අස්සට රිංගගෙන පෝන් එක අරන් ඩේටා ඔන් කරලා බැලුවා හේෂ් අයියා ඔන්ලයින් ඉන්නවද කියලා...මොන ඔන්ලයින් ද අනේ...මේ මිනිහා පාන්දර එකට විතර ආවගමන් ආය ඇවිල්ලම නැ...මෝඩ මිනිහා...මොන තූත්තුකුඩියේ ගිහිල්ලද දන්නෙ නැනේ අම්මාපා...නෝමල් කෝල් ගත්තට වැඩකුත් නැ ඒකාගෙ ෆෝන් එක ඕෆ්....ආආආආආආ මේ මිනිහගෙන් පුදූම වදයක් දැන් මට තියෙන්නෙ...අනේ අප්පාආ ඒ උනාට මං ආදරෙයිනේ..ඇට වවුලගෙන් අහන්න විදිහකුත් නැ ඌ සුකුරුනා එක්ක රෝන්දේ ගහන්න ගිහින් උදේම...තිරිසන්නු වගේ අනේ...ලව් කරනවා කියලා ඔහොමත් කරන්න ඕනෙද මං අහන්නේ..දැන් බලන්නකො අපෙ මිනිහා අන්න ලව් කරනවනම් කරන්න ඕනේ අපේ එකා වගේ ඊයෙ ආදරෙයි කිව්වා අද අතුරුදහන්.එව්වනේ ලව්...මං නිසාම හොදයි ඉතිම් අපේ එකාටත්..එයිනෙ අද කීයට හරි ...ඒ උනාට දැන් මට පාලුයිනේ අප්පා.ම්හ්ක්...මුරණ්ඩු මගුලක් මහ..කමක් නැ කොහෙ ගියත් සුදු මහත්තයට රෑට එන්න වෙනවනෙ මං ගාවට..ආපුදෙන්කො අද..
YOU ARE READING
අවාරෙක මෙහි ඇවිත්_🦋🤍
Non-Fiction" සමහර ඇබ්බැහිවීම් ජීවිතේටම වලංගුයි චූටී " _ඩියෝන් හේශ්_ Akkubae_🦋✍️