28 🤍🦋

571 69 26
                                    

නෙතුනි අභින්සා සේනාධීර
උපත : 2002.8.16
විපත : 2020.1.10

මම ඉන්නේ කුරුණෑගල පොදු සුසාන භූමියේ..ඒකත් මගෙ අක්කාගේ නමින් වෙන් උනු එයාගේ සොහොන ගාව...

මීට ටික වෙලාවකට කලින් මම ආදරේ කරන , මගේ මුලු ලෝකේම උන කෙනා එයාගේ ලෝකේම වෙලා ඉදපු කෙනාගේ සොහොන ගාවට මාව එක්කන් ආවා..මම පුදුම උනේ නැ..මොකද මම දන්නවා දවසක මට මේ දේට මූණ දෙන්න වෙනවා කියලා....මොකද , මම දැනගෙන හිටියා එයාගේ ලෝකේ වෙන කවුරුත් නෙවේ ඒ මගේම අක්කා කියලා...

මම හේෂ් අයියව දන්නේ අදක ඊයෙක ඉදලා නෙවේ..මම එයාව මුලින්ම දැක්කේ අක්කිගේ පොතක් අස්සේ තිබුනු ෆොටෝ එකකින්..එතකොට  මට අවුරුදු දොලහක් විතර ඇති....එයාව දැකපු මුල්ම දවසේ තේරුම් ගන්න බැරි හැගීම් ගොන්නකින් මගේ මුලු හිතම වහගත්තා.එතකොට මම පොඩි නිසා වැඩිය තේරුමක් නොතිබ්බත් කල් යන්න යන්න මට තේරුන් ගන්න පුලුවන් උනා මටත් හොරෙන් මම එයාට ආදරේ කරන්න අරගෙන කියලා..ඒත් ඒ වෙනකොටත් එයා අපේ අක්කගේ වෙලා ඉවරයි..හැමදාම වගේ එදත් මම පරක්කු වැඩී...කොච්චර ආදරේ උනත් මට බෑ මගෙම අක්කාට ද්‍රෝහි වෙන්න..මොකද ඒකි මගේ පණ...කවදාවත් ඒකිගෙ ඇස් වලට කදුලු දෙන විදිහේ වැඩක් කරන්න තරම් මට හිත හදාගන්න බෑ...ඉතින් , උපන් ගෙයිම මගේ ආදරේ මම වලදැම්මා.මගේ එකී වෙනුවෙන්...

වලදාපූ හැගීම් ආය ටිකෙක් ටික දලු දාන්න ගත්තේ එයා අපේ ගෙවල් ලග නවතින්න ආපූ දවසේ...එදා මට දැනුනේ මම ආයෙත් ඉපදුනා වගේ හැගීමක්..මොකද , මට ඒ තරම් සතුටු හිතුනා....ඒත් ඒ සතුට එච්චර වෙලා තිබුනේ නෑ මට මගේ අක්කාව මතක් උනා..මම මේ වැරැද්දක්ද කරන්නේ කියලා හිතුනා...ඉතින් ආයෙත් මගෙ හැගීම් යටපත් කරගත්තා......ඒත් හැම රෑකම වගේ මම අක්කාගෙන් හේෂ් අයියාව ඉල්ලන්න ඇති...මම එයාව මගේ කරගත්තට කමක් නැද්ද කියලා අහන්න ඇති.මොකද කවුරුත් කැමති නැ තමන් ආදරේ කරන කෙනාව වෙන කෙනෙක්ට දෙන්න...මගෙ අක්කා ජීවතුන් අතර නැති උනත් ඒ ඉන්නේ එයා ආදරේ කරපු කෙනා නිසා මට අවසරයක් නෑ එයාව උදුරගන්න....

ඒ හැමදේම නිසා මම තීරණය කලා මගේ හැගීම් හංගන්න..ඒත් මගෙ හැගීම් එකින් එක හංගන්න උත්සාහ කලත් මට ඒ දේ කරන එක ලේසි උනේ නෑ...මොකද හේෂ් අයියාගේ හැසිරීමත් එක්ක මගෙ හැගීම් හංගන්නවා කියන්නෙම ගගට ඉනි කපනවා හා සමාන වැඩක්...ඉතින් , මම මගේ හැගීම් හැංගන්න උත්සාහ කලේ නෑ.!!

අවාරෙක මෙහි ඇවිත්Where stories live. Discover now