Chapter 24

142 16 4
                                    

මං කිව්වේ දවස් ගෙවෙන්නේ හීයක වේගෙන් කියලා. අද ප්‍රිෆෙක්ට්ස්ලාගේ බැජස් සෙරමනි එක. මේ සෙරමනි එක ගැන කිව්වොත් ඉතින් හැම අවුරුද්දෙම වගේ මේක මේ පාර තියෙන්නෙත් ජපුර කැම්පස් එකේ. ජපුර කැම්පස් එක කියන්නේ අර විජේරාමේ තියන එක නෙවෙයි. අපේ ඉස්කෝලේ ලගත් ඒකෙ කෑල්ලක් තියනවානේ. ජපුර කැම්පස් එකේ ටෙක්නොලජි ෆැකල්ටි එක. ඒකෙ තමා මේ පාරත් ප්‍රිෆෙක්ට් බැජස් සෙරමනි එක තියන්නේ. මේ දවස් දෙක තුනේම හාර්ඩ් ප්‍රැක්ටිස් උන මට ඩොබි දැන් නිදහස් වගේ ෆීලින්ග් එකක් තියන්නේ. උදේ පාන්දර දෝණිගේ තැටියට මට ඇහරෙද්දි මගේ ඇඟ උඩ මහ බරක් තියනවා වගේ දැනෙන්න ගත්තා. හද්ද කම්මැලිකමකින් ඇස් ඇරපු මම දැක්කේ මගේ එහා පැත්තේ නිදාගෙන හිටපු මගේ මිත්‍ර පගයා සම්පුර්නෙන්ම මගේ ඇඟ උඩ නිදි කියලා. මූට නිදාගන්න ගියාම සිහියක් කටක් නෑනේ. ඊටත් එහා ඊයෙ රෑ විඩියෝ කෝල් එකේ තාම ස්ක්‍රින් එක ඕන් වෙලා. මම ලක්කාවත් එහාට කරන ගමන් ෆෝන් එකට එබුනා. මල හත්ති හුත්තයි ලයින් එකේ එහා පැත්තේ ඉන්න පගයා අවදි වෙලා මටත් කලින්ම. කොහෙද ඉතින් ඊයෙ රෑ මමත් පඩස්තර ටෝක්ස්නේ දුන්නේ මුට මම තමා වේලහනම අවදි වෙන්නේ කියලා. පොර මම නින්දෙන් අවදි උන විදියටද මංදා හිනාවෙනවා හෝ ගාලා. ගුඩ්මොනින් කිව්වෙත් නැ පම්රයා හකු පයිනකල් හිනාවෙන්න නං දන්නවා. මං ඌටත් දෙකක් රවලා ඇඳෙන් බහින්න හදනකොටම මෙන්න හිනාව හිර කරන් මට කතා කලා.

"හොර මිනිහා ඇඟ උඩමයි නේ"

"ඊව්ව්ව් චිහ්.... මොනාද මේ කියන්නේ ආ?"

"ඉතින් බලන්නකෝ ශ්‍රි බබා මට නින්ද යද්දිත් එයා ඔයාගේ ඇඟට කකුලක් දාන් හිටියා. මම අවදි වෙනකොට සම්පුර්නෙන්ම ඔයාව වෙලාගෙන"

"ඇයි ඇයී බොට ඉරිසියාවද?"

"ඉරිසියා කරන්න වැඩේමයිනේ මට. ආ මේ ඒක නෙවෙයි ශ්‍රි බබා, මොනවද අර ඊයෙ නිදිමත විකාරේ සෙන්ඩ් කරපු මැසේජ් මට ආ?"

"මො-මොන මැසේජ් ද?"

ඇඳ උඩ හරිබරි ගැස්සිලා වාඩි වෙච්ච මම ටේබල් එකට හේත්තු කරල තිබුන ෆෝන් එක අතට ගත්තා. ඊයෙ අභි අයීයලගේ ගෙදර කවුරුත් නෑ කියලා ප්‍රැක්ටිස් ඉවර වෙලා ආව වෙලේ ඉදන් මං එක්ක වීඩියෝ කෝල් එකේ. මටත් මොකෝ හැමදාම මෙහෙම චාන්ස් නැනේ කියලා මමත් හිටියා. කොහොමහරි පොරට තනියම නිදාගන්න බයයි කියලා මට කෝල් එක කට් කරන්න දුන්නෙත් නැ. මම නිදිමර විකාරේ කියව කියව ඉදලා එහෙමම ඉබේ නින්ද ගියා. මම මේ මහ පගයාට අච්චර කිව්වා අම්මා එක්ක ඇවිත් එක්කන් යන්නම් කියලා අපේ ගෙදර එන්න කියලා. කොහෙද ඉතින් ඇහුවේ නැනේ. වීරයා වගේ බෑ කිය කිය හිටියා. ' හඤේ ශ්‍රි බබා මම ආවම ආන්ටිට කරදරේ... ඔයාල පව් හඤේ...ඤැං ඤැං ඤැං' තමා. මූ බොරු කලාට තනියම ඉන්න බයයි ද කොහේද. නැත්නං මට විඩියෝ කෝල් එක කට් කරන්න නොදි අරින්නැනේ.

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Where stories live. Discover now