2022.03.16
කලින් කිව්වත් වගේ හරිම දඟකාරියක්... හැබැයි හරිම හැඩකාරියක්... මගේ හිතේ එයා ගැන ඇති උනේ එසේ මෙසේ කැමැත්තක් නොවන වග මට තේරෙනවා...
අද පන්ති නායිකාවක් එයාගෙ පන්තිභාර ගුරුතුමිය හොයන් අපේ පන්තියට ආවා... තරුණ ගුරුවරියගෙ උසුළු විසුළු වලට සිනාවෙන් පිළිතුරු දෙමින් ඈ පන්ති වාර්තා පොත අත්සන් කරගත්තා... ඒ වගේම පන්තියේ අසනීප ළමයෙක් ගැනත් ටීචර්ව දැනුවත් කලා... ඒ අහපු ටීචර් කලබල වෙලා නැගිට්ටත් ආයෙත් ඉඳගන්න උනේ ඒ හැඩකාර පන්ති නායිකාව ඒ වෙනකොටත් අවශ්‍ය ක්‍රියාමාර්ග හැම එකක්ම අරන් ඉවර නිසා...
හිනාව විතරක් නෙවේ මේ කෙල්ලගෙ වැඩත් දක්ශයි වගේම කරුණාවන්තයි... ඒ පියකරු හිනාවෙන් ටිකක් ඉස්සරහම පෝළිමේ හිටපු මටත් පුදන්න තරම් ඈ නිර්ලෝභී උනා...
මගේ නිවී...- සෙවී