5

27 4 2
                                    

2022.03.17

අද මන් ඇට්ටේරියා මලක් වගේ... හරිම ලස්සනට හිනා වෙනවා මේ හවස් යාමයේ...
පොඩි චකිතයක් ඇති උනා පළවෙනි වතාව නිසා... ඒත් එයාගෙ ඒ ලස්සන හිනාව අර චකිතය මගෙන් ඈතට පා කර හැරියා...
වචන දහයකට සීමා උනත් මට නම් ඒක මහමෙරක්... මොකද ඒ අපේ පළවෙනි කතාබහ...
නැටුම් කරන කෙල්ලො අතර තියෙන්නෙ මාරම සුහදකමක්... ඒ සුහද බවේ ප්‍රතිපලයක් විදිහට අද මිනුලි එක්ක මන් ගියේ එයාගෙ පන්තියට... යනකොට යාලුවොත් එක්ක පොඩි බජව්වකට වැටිල හිටිය එයා මිනුලි සහ මන් දැක්කා විතරයි එයාගෙ අර මැජික් හිනාව පා කරා... මිනුලි එක්ක කතා කරන අතර මාත් එක්කත් වචන දෙක තුනක් කතා කරන්න ඈ උත්සාහ ගත්තා... ඒත් වැඩි කතාවට කැමති නැති ඇට්ටරයෙක් වන මගේ හැටි තේරුම් ගත්ත නිසාමද මන්දා එයා අන්තිමට කිව්වෙ "ආඩම්බර නංගි බබෝ... ඔහොමනම් බෑ... කතා කරන්න අනේ'" කියල...
මගේ නිවී... උබ නොදන්නව උනාට උබේ මේ ඇට්ටේරියා කෙල්ල උබේ ඔය වචන ඉස්සරහ කතා කරගන්න බැරුව තවත් අසරණ වෙනවා... ඒ නිසාමයි මගේ දුර්ලභ පොඩි හිනාවකින් උබට සංග්‍රහ කලේ...

- සෙවී

ආදරණීය දවස්... Where stories live. Discover now