2022.04.25
බක් මහේ නිවාඩුවට පස්සෙ පාසල පටන් අරන්... අර සුපුරුදු ජීවන රටාවට නැවත ප්‍රවිශ්ඨ වෙන්න වෙනවා පාසල් සිසු සිසුවියන් විදිහට... අවුරුදු කාලෙ තමා ලැබූ අත්දැකීම් ගොන්නක් එක්ක මුසු උන සතුටු සිතින් බොහෝ සිසුවියන් අදත් පාසල් ආවා.
එයත් ඒ වගේ ඒවි නේද ? වෙනද වගේම නංගි බබෝ කියල කට පුරා හිනා වෙන ගමන් මාත් එක්ක කතා කරයි නේද ?
බලමු... දන්නෙ නෑ කොහොම වෙයිද කියල...
තත්පර විනාඩි ගනන් වලින් ගෙවිල ගියා. නමුත් ඈ එන මග ඈ නොමැතිව පාළුවට ගිහින්... ඉන්න... ඔව්.. ඒ ඇගේ රුව. තව ටිකයි. ටිකෙන් ටික මට ළං වෙනවා.
නෑ... අද එහි නැවතුමක් නෑ. පසු කරන් ගියා ඈ මා නොදුටු විලසින්...
කුමක් හෝ සිදු වෙලා... මා අතින් වූ වැරැද්දක් ද ඒ ?
සිත හරිම නොසන්සුන්... කලබලයි. සිතුවෙ නෑ ඈ මා මගහරී කියා. හමුවී කතා කිරීමටත් හැකි උනේ නෑ මට පසුව ඈ සමඟ අද දින. ඒත් හෙට... මේ නොසන්සුන්කමට හේතුවක් මන් සොයාගන්නවමයි.නොකිව්වට මගේ හිත සෑහෙන්න රිදුනා මගේ නිවී... උඹ එලෙස මා මග හැරීම මට හරිම කටුක රසයකි...
-සෙවී
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සොරි ලමායි... ගොඩක් දවසකින් අප්ඩේට්ස් දෙන්න බැරි උනා... එක දිගට වැටුනු වැඩ ගොඩක් එක්ක මන් හරිම බිසී වෙලා හිටියෙ. ඒකයි... අනේ ඇත්තටම සොරි. 🤧