2022.04.01
බක් මහේ ආරම්භය... පරිසරය අලුත් වෙලා. මගේ මිතුරත් දළු දාල, මල් පිපිල ලස්සනට හිනැහෙනවා. රෙ පිපුණු මල්වල සිනිඳු පෙති මාව සිපගන්නවා... බක් මහේ අරුණෝදය කියාපාන සීතල මඳ සුළඟක් මොනවදෝ කොඳුරනවා... ඒ ඇගේ ආගමනයයි. සුළඟට මුසු වුනු ඇගේ සුවඳ, ඒ ආගමනය කියාපෑවා.
"මේ අහන්න. මට දෙයක් කියන්න තියෙනවා"
සමහරවිට ඒ ඒකද ? ඊයේ මුළු රැය පුරාම කල්පනා කරල තේරුම් ගත්තා ඇගේ ඒ ප්රකාශය... ඇය කැමති වයසින් බාල ගැහැනු ලමයින්ටයි... මට සතුටුයි... නව මසක් සමඟ ඇසුණු ඒ පිළිතුර ගැන...
"ඔව් මොකක්ද ?"
"මේ... මේකයි... අර මන්... ඊයෙ කියපු දේ ගැන..."
"හ්ම්...?"
"මේ... ඒ දේ ගැන... වැඩිය හිතන්න එපා හරිද ?"
"ඇයි ?"
"නෑ මේ... මන් ඒක නිකමට කටට ආවට කිව්වෙ... මන් යනවා බායි..."ස්වභාවධර්මය... මිනිස්සුන්ටනෙ වැරදි වෙන්නෙ... දුකක් නෑ ඒ නිසා මට. නිකමට කළ ප්රකාශයක් වුවත්, 'බොරුවක් එය' කියා පැවසුවේ නැහැනෙ ඈ... සතුටුයි ඒ ගැන...
-සෙවී
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සොරි ලමායි... අද මන් එක චැප්ටර් එකයි අප්ලෝඩ් කරන්නෙ මොකද මට වෙලාව මදි අනිත් එක ලියල ඉවර කරන්න... සොරි ගයිස් 🤧