09

17 4 0
                                    

2022.03.30

"Good morning නංගි බබෝ"... හිරිපොද වැස්සට තෙමුණු ඇට්ටෙරියා මල් සුවඳට මුසු වුනු එයාගෙ කටහඬ මගේ දවසෙ සුබ ලකුණක්...
"යමු යමු මාත් එක්ක අපේ පන්තියට... අනේ මේ... thanks අනේ ඊයෙ අර ගිෆ්ට් එකට... මන් හරි ආසයි ඒකට, ඒක හරීම ලස්සනයි" පුදුම කියවිල්ලක්... සමහරවිට ඒ එයා මටත් එක්කම කතා කරනවා වෙන්න ඇති... හිතින් මිසක් මන් කටින් එයත් එක්ක කරන්නෙ නෑ කතා... වෙනදා වගේම අත්වැල් පටලවගෙන ඉස්සරහට ඇවිදන් ගියා... ඒත්, හදිසි නැවතුමක්...
"අනේ අපොයි... අන්න අර අක්කා එනවා... මෙහ්... යමු ආපහු අනිත් පැත්තෙන්. මේ පැත්තෙන් නම් යන්න බෑ"... ඉතින් ආපසු හැරුනා. නැවතත් වට රවුමක් ඔස්සේ පන්ති කරා සුපුරුදු එහෙත් කුඩා වෙනසක් ඇති ගමනක...
ඒත් හරි ප්‍රශ්නයක්... ඇයි එයා අර අක්කාට එතරම් බය උනේ ? ඒ බයක්ද නැත්නම් මුහුන දීමට නොහැකි බවක් ද ? එහෙමත් නැත්නම් වෙනම හේතුවක් ද ? දන්නෙ නෑ පිළිතුරක්...
"දැන් දවස් දෙකක වගේ ඉඳන් ඒ අක්කා මගේ පස්සෙන් එනවා... මන් කැමති නෑ ඒ අක්කට... එයා ඒක තේරුම් ගන්නෙ නෑ. හරි වදයක් අයියෝ..."
ඉතින් මගේ ප්‍රශ්නය හමුවේ පිළිතුර නම් හමුවුනා. ඒත් එය මගේ සතුටට හේතුවක් උනේ නෑ කිව්වොත් ඒක ඇත්තක් නෙවේ ; ඒත් බොරුවකුත් නෙවේ... ඇය ඇයට කැමති නෑ... සතුටක් මට ඒක. ඒත් එයින් අදහස් වෙන්නෙ ඇය ගැහැනු ලමුන් කෙරේ දක්වන ආකල්පය ද ? ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නයක්...

ඒත් නිවී... කැමති නොවුනොත් උබ මට, අහවර නොවේද මගේ කුළුදුල් පෙම ?

- සෙවී

ආදරණීය දවස්... Where stories live. Discover now