කල්පනයි ඉෂානුයි ඉක්මනට ශාලාවට එනකොට තාම 8 නැති උනත් ශාලාව පිරෙන්නම ලමයි පිරිලා ඉන්නව දැකලා පුදුම උනා.
😇ඒ බන් අපි කලින් ආවට වැඩක් නෑනේ. බලපන්කෝ දැන් ඉදගන්නවත් තැනක් නෑ .පොඩ්ඩක් බලපන්කෝ
❤ඒක තමා බන් අර පිටිපස්සේ එක්කෙනෙක් විතරයි ඉන්නෙ අපි එතනටවත් යමුද අදට
😇ඔව් යමු මේ ඉන්න තත්වේ හැටියට එතනත් හොදයි
❤Excuse me මෙතන කවුරුහරි ඉන්නවද . අපි දෙන්නා මෙතනින් වාඩි උනාට කමක් නැද්ද
👻ආහ්.. එන්න මෙතන මන් විතරයි ඉන්නේ
😇මේ ඔයාගේ නම මොකක්ද හලෝ
👻මන් කවීශ. එතකොට ඔයාලා
😇මේයා ඉෂාන් එතකොට මන් කල්පන .
මේ ඔයාට යාලුවෝ ඉන්නවදඔන්න ඉතින් කල්පන සුපුරුදු ගීතය වාදනය කරනකොට ඉෂාර ඔලුවත් අතේ ගහන් බලන් හිටියේ කල්පන දිහා
❤ඈ මිනිහෝ උබට අහන්න වෙන ප්‍රශ්න ඇත්තටම නැද්ද . දකින දකින එකාගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ විතරයි
😇අනේ උබ පැහෙන්නේ නැතුව හිටපන්කෝ උබ කියහන් බන්
👻අනේ මට යාලුවෝ නෑ අනේ
😇එහෙනම් අපි දැන් යාලුවෝ තමා
❤අඩේ කල්පනයා උබේ ඔය හැකර කට වහපිය ලෙකා එනවා