😺අඩෝ මොනවා නැතත් කොල්ලනම් මරු හොදේ
💚කාටද ඉතින් ආඩම්බර කියහන්කෝ
😺හා හා ඉතින් උඩයන්න එපා company එකට ආයි වහලයක් දාන්න වෙයි
💚අනේ පල යන්න
😺මේ උබ බූරුවා වගේ ඒකට ඉගි බිගි දාන්න යන්න එපා හොදේ. ඒකටත් සාමාන්‍ය විදිහට සලකපන්. නැත්නම් කොල්ලා ආපු දවසෙම රස්සාවත් දමලා ගහලා යයි.
💚ඒකනම් මටත් තේරුනා.
😺මොක කිව්වා තේරුනා. තෝ ඒ කොල්ලට ඇගෙව්වද කියපන්
💚ටිකක් විතර
😺හරිනේ ... මට හිතුනා උබ වැඩේ නාගෙනනේ . කොල්ලට තේරුනාද
💚එයාටනම් එච්චර තේරුන පාටක් තිබ්බෙ නෑ. ඒත්..
😺ඇයි ඒත්..ම්
💚කොල්ලගේ යාලුවෝ දෙන්නට තේරුනාද මන්දා මන් දිහා අමුතු විදිහට බැලුවා ඒකයි
😺ඔය කරන් තියෙන්නේ.. කෝප්පෙන් නාන්න ඕනේ එක බේසමකින් නාලා .. මන් එනකන් ඉවසන් ඉන්න තිබ්බා
💚උබ ඔය උපදෙස් වලින් උබට එකක් සෙට් කරගනින්කෝ
😺පිස්සුද බන් .. කෝච්ලා කවදාවත් පිට්ටනියේ සෙල්ලම් කරන්නෙ නෑ බන් තේරුනාද උබට
💚මල විකාර
😺ඒක නෙමෙයි මන් දෙයක් කියන්නම් . මේක විහිළුවක් නෙමෙයි හොදේ .
💚මොකක්ද කියහන්කෝ තෙපර බාන්නේ නැතුව
😺විනෝද් ලංකාවට එනවලු ලබන සතියේ
💚what .. එයාට මන් uk වල දාපු studio එක handle කරන්න කියලනේ යැව්වේ.අනික ඒකේ important project එකක් තියෙනවා ඒකට මාස 4 යනවා කිව්වාම ඇයි මේකා ඒක දාලා එන්නෙ . මූ හින්දා අපේ company එක පාඩු වෙනවා නිකන්ම
😺ඒවා ගැන උබ ඌත් එක්ක කතා කරගනින්. මන් කියන්න හදන්නේ project එක ගැන නෙමෙයි .
💚එහෙනම්
😺මන් කියන්න හැදුවේ කොල්ලව පොඩ්ඩක් පරිස්සම් කරන්න කියලා. ඇහැට කනට පේන්න හිටියාම විනෝද්ට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාල නෑ කියලා දන්නවනේ.
💚හ්ම්.. ඒක ඇත්ත
😺මට ආරංචියක් ආවා තරුශිට මුන් විහිලු කරලා . ඒකිත් ඒක අත අරින එකක් නෑ.
