❤ඒයි මෝඩයෝ දෙන්නා නැගිටිනවා . කන්න හදලා තියෙන්නේ තව විනාඩි 5 ඇතුලත නැගිට්ටෙ නැත්නම් මන් අර කෑම ටික වත්ත පහල ඉන්න බල්ලට ගිහින් දානවා
මේ ඉතින් උදේ පාන්දර පටන් ගත්ත සීතල යුද්දේ. ඉෂාන් රෑ අක්කට කතා කරලා ඉවර වෙලා උදේ නැගිටින්න එලාම් එකත් තිබ්බා මොකද එයා උයන්න බාරගත්‍ත හින්දා වේලාසන නැගිටින්න එපෑ. නුවර ගොඩක් උදේට හීතලයිනේ ඇදුමට උඩින් ජැකට් එකක් දාගත්‍ත ඉෂාන් ඉක්මනට ගිහින් උයන්න පටන් ගත්‍තා . උයලා ඉවර වෙනකොට පාන්දර 5.15 එයත් මූන හෝදගෙන් ගියා අර හෝන්තු දෙක නැගිට්ටවන්න . දැන් මේ පැය භාගයක් තිස්සෙ ඉෂාන් අරුන් දෙන්නව නැගිට්ටොනවා බැරිම තැන තමා ඔය කෑගැහුවේ.ඊට පස්සෙ මුන් දෙන්නා නැගිටලා ඇවිත් කෑම මේසෙන් ඉදගත්ත .
👻අඩෝ මරුනේ බන් . අද නම් බුරිය උල් වෙන්න කෑව හැකි
😇අම්මෝ ඔව්. උබ නම් ඉෂානයෝ දෙයියෙක් නෙමෙයි දේවාලයක්❤අනේ මේ බොරු මරිසි නොදා කාපන් බන්
👻මේ ඔකෝම හරිනේ පින්සල් ටික එහම ගත්තද බලපන් කල්පනයෝ. උබට කල්පන කියලා නම් දැම්මට මෙලෝ කල්පනාවක් නෑනේ කට විතරයි
❤අම්මෝ අදත් පටන් ගත්තා
😇හරි හරි ගත්තා ගත්තා.
👻යමන් එහෙනම් 6.15 බස් එක ගියොත් අපි campus එකට යද්දි 8 වත් වෙයි ඉක්මනට යමන්. මතකනේ උබලා දෙන්නා ඊයෙත් ආවෙ පරක්කු වෙලා
😇ඒ උනාට පරක්කු උන එකේ වාසියකුත් නැත්තේම නෑනේ බන්.. එහෙම නේ ඉෂානයෝ
❤ඔව් නේද
👻හරි හරි මන් පරාදයි යමන් ඇතුලට
👨💼හරි ලමයි අද පාඩම තියෙන්නේ ස්වබාවධර්මය ගැන. ඔයාලා කැමති මාතෘකාවක් අරගෙන ඒකට අදාල චිත්‍රයක් අදින්න