මං ගෙදර ගිහින් නාලා කාලා රෙදියි වළං ටිකයි හෝදලා ඇදට ගියේ පොඩ්ඩක් නිදා ගන්න හිතං...ඇදට ගිහිං ඉන්න ගමන් අද දවස ගැන හිතුවා...ස්කෝලේ නම් මාර ලස්සනයි.අද සෙට් උන කොල්ලො ටිකකුත් ඉන්නව උනුත් මාර හොදයි.හැබැයි අර පොල් පැකිරිස්සා මම් මට ඇල්ලුවේ නෑ...ඌ නම් මහ මොකෙක්ද මංදා...මෙහෙමයි...මං පොල් පැකිරිස්සා පැකිරිස්සා ගෑවට ඌ හරි ලස්සනයි...පොර සුදුම සුදුයි.අනික ඌ හෙන උසයි...උසට හරියන්නම මහතත් තියෙන මං දැකපු ලස්සනම කොල්ලෙක්.ඒත් මට ඕකව පේන්න බෑ මාර තරහක් දැනෙනවා.අනික පොළොස් අගුටුවා බලං ඉන්න හැටි විතරක්.මේ පගා එක්කො මාව දකිද්දී බය වෙනවා නැත්නම් ගැස්සෙනවා...මං අහන්නේ බය වෙන්නයි ගැස්සෙන්නයි මං යකෙක්ද...අනික මං ඌව තඹ සතේකටවත් ගනන් ගන්නෙත් නෑ.ඕකව මරන්න හිතිලා තියෙන්නෙ දැන්නම්...උගෙන් වැඩක් නෑ...සෙනූෂ...අනේ මංදා මට සෙනූෂව තේරුම් ගන්න බෑ...ඌව දකිද්දී නට දැනෙන්නෙම ඒ ඉන්නේ මගේ සහෝදරයමයි කියන feeling එකක්...අනික එයත් ඒක කියනවා...මට අද දහස් වෙනි වතාවටත් ඌ කිව්වා 'මට නම් උබව දැක්ක වෙලේ ඉදන් දැනුනේ මගේ සහෝදරයා ඇවිල්ලා වගේ හැගීමක් මචං ' කියලා.අනික එයා මට හරි එකතුයි දැක්ක වෙලෙව් ඉදං.මං කියන්නෙ අනික පැය කීපයක් ආශ්‍රය කරපු කොල්ලෙක්ට තමන්ගේ පෞද්ගලික දේවල් පවා කියන්න තරම් එහෙම කොල්ලෙක් fit වෙන්නෙ නෑහ් නේ...අනික මට දැනෙනවා ඌ හිනා වෙලා හිටියට හෙනටම අසරණ වෙලා කියලා.උගේ තාත්තත් minister කෙනෙක්නේ.ඌ හෙන කියුට් අප්පහ් අනික...
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasyජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...