"දැන් උණ අඩුද බං?.."
විදේන් ඇහුවම පොල් පැකිරිස්සා බලං හිටියේ මගේ දිහා.මොකද යකෝ මගේ දිහා කන්න වගේ බලං ඉන්නේ...මේ ළමයා තොගෙන් ප්‍රශ්නයක් ඇහුවා නෙද?..උත්තර දියංකෝ ඒකට.කොච්චර වෙලාවක් ගියත් පොල් පැකිරිස්සා මගේ දිහා බලං හිටපු හින්දා මං ඇස් කරකවලා ආයෙම ඌ දිහා බැලුවා.මෙන්න මේ මිනිහා හිනා උනා ඒකට...ඌ ඒ හිනා උනේ මට නේද යකෝ..."ළමයි...tea ගෙනාවා..."
"අනේ thank u ආන්ටි..."
"අනේ ඕක මොකක්ද පුතා...මොකෝ දැන් අපේ විද්‍යාන්ට උණ අඩුද?.."
"ලොකු අවුලක් නම් නෑ ආන්ටි...දැන් අඩුයි"
"ම්...බෝනික්කා ලස්සනයි නේද පුතා.."
ආන්ටි ඒක කිව්වම විද්‍යාන්ට ලෝකෙත් නැති කැස්සක් ආවා...අම්මපා මේ පොල් පැකිරිස්සා නම්...ලස්සනයි තමයි යකෝ තෝ මට හිනා උනාට..."ඒක නෙමේ...ඔයාලා අද මෙහේ ඉන්න කෝ ළමයි..."
"අනේ ආන්ටි...අද නම් බෑ...හෙට school නේ.."
"හ...අපේ එක්කෙනාට school නෑ නේ...මෙතන රණ්ඩු දාගෙන ඇවිත් ඉන්නවා ගෙදරට වෙලා...බලන්න කෝ රිත්‍ය පුතා මෙයාගෙ වැඩ...නැගිටිනවා දැන් මෙතන බොරු උණ නැතුව..."
එහෙම කියලා ආන්ටි කාමරෙන් එළියට යන්න හදලා ආයෙත් නැවතුණා."විදේන් පුතා...ටිකක් පහළට එනවද කතා කරන්න...සෙනූෂ...බබා ඔයත් එන්න...come on boys...අපි පහළට යං.."
කියාගෙන ආන්ටි මගේ කම්මුලත් මිරිකගෙන එළියට ගියා.සෙනූෂයි විදේනුයි පොල් පැකිරිස්සට ඇද කර කර එළියට ගියා.දැන් මායි මූයි විතරයි මෙතන...අප්පට...මායි මූයි විතරක් තනියම නේද...මට ඒක හරියට click උනේ නැති නිසා මං එක පාරටම විද්‍යාන් දිහා බැලුවා."මොකෝ..."
"මුකුත් නෑ.."
"එහ් මේ...තමුසෙට ඇත්තටම උණද?""ඇයි තමුසේ හිතුවද මට බොරුවට උණ හැදෙනවා කියලා?"
"නැතුව...තව්සේ හෙන...නෑ ඒක ඕන්නෑ.."
"මොකක්ද මොකක්ද කියන්න ගියේ..?"
"මුකුත් නෑ අනේ...තව්සෙටත් ඕන්නැති එකක් නෑ නේ..?"
"හ්ම්..හරි හරි..කමක් නෑ...දැන් කොහොමද ඔයාගේ අත?..මං නිසානේ..මං දැක්කේ නෑ වේගාන් බෝතලෙන් අනින්න හදනවා..."
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasíaජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...