"සුමිහිරි පානේ...පදමට ගහලහ්...අද මැරුණත් හෙටට දුකයි හෙට නිදි මරලහ්"
"අයියෝ අයියෝ බල්ලෝ...හරියට කියපං නැත්නම් නොකියා ඉදපං"
විදේන් වැරදියට සිංදුව කියපු හින්දා සෙනූෂ ගිහිං උටත් පයින් ගහලා උගේ කරට අතක් දාගත්තා.මං මුංට කිව්වා කෑ ගහන්න එපා කියලා.කොහෙද මුං ඕවා අහන්නෑ...විදේන්ට නම් මේ වෙද්දිත් හොදටම වැදිලා ඉන්නේ.සෙනූෂ නම් normally.පොල් පැකිරිස්සා නම්,
ඌ නම් හෙනම අමුතුයි.ඌ මගේ දිහාමයි බලං ඉන්නේ.අරහෙට ගියත් මෙහෙට ගියත් උගේ ඇස් දෙක නතර වෙලා තියෙන්නේ මගේ ළග."රිත්‍ය...දැන්වත් බියං"
සෙනූෂ මට දහස්වෙනි වතාවට විතර ඔය කිව්වේ...අනේ මන්දා මට අද බොන්න හිතුන්නෑ ඒ නිසා මං නිකන් හිටියා.ඒත් මුගෙන් බේරෙන්න බෑනේ...ඒ නිසා මං මේ පාර හා කිව්වා.සෙනූෂ මට cup එකක් දුන්නා.ඊට පස්සේ ඌ ආයේ විදේන් ළගට ගියා.මට හිතුණ හින්දා මං ආයෙත් cup එකක් පුරෝගත්තා.ආයෙත් පුරෝගත්තා.ආයෙත් සැරයක්...මට හරියටම මතක නෑ මං කී සැරයක් පුරෝගත්තද කියලා.මට දැනුනේ මං පාවෙනවා කියලා විතරයි.ඊට පස්සේ මං නැගිටලා සෙනූෂල ලගට ගියා.මං ගිහිං සෙනූෂගේ කරට අතක් දාගෙන උං එක්ක සින්දු කිව්වා.ටික වෙලාවකට පස්සේ මං දැක්කා පුටුවක වාඩිවෙලා මගේ දිහා බලං ඉන්න සුර කුමාරයෙක්ව.මට සින්දු කියලා ඇතියි කියලා හිතුන නිසා මං ඒ සුර කුමාරයා ළගට ගිහිං වාඩි උනා.මං එයාගේ අතින් අල්ල ගෙන එයාගේ ඇස් දිහා බලං හිටියා.ඒ ඇස් දිහා කල්පයක් උනත් බලං ඉන්න පුලුවන්...මට එක පාරටම එයත් එක්ක මොකක් හරි ආවේගයක් ඇවිත් මට සුර කුමාරයගෙව් අත හපන්න හිතුනා.මං උගේ අත හයියෙන් හැපුවා.ටික වෙලාවක් යන්න යන්න ඌ නිකන් යම රජ්ජුරුවො වගේ උනා.එහෙම පේන හැම වෙලාවකම මං ආයෙත් බිව්වා.මං ආයෙත් එයා දිහා බැලුවා.අනේ...මට එයා දිහා බලං ඉන්න බෑ...මගේ ඇස් හරි බරයි.අනික මට ඔක්කොම බොදවෙලා පෙන්න පටන් ගත්තා.එක පාරටම මං යම කුමාරයගේ අතකට හේත්තු උනා.අම්මෝ...නිකන් දහ දෙනෙක්ගෙන් විතර ගුටි කාලා වගේ...රෙද්ද...මගේ මුලු ඇගම රිදෙනවා...මං හෙන අමාරුවෙන් ඇස් දෙක ඇරියා.
"මොන්ව් හු#තක්ද යකෝ කරන්නේ..."
කියාගෙන මං ඇදේ වාඩි උනා.මේ සෙනූෂ නම් කවදාවත් හැදෙන එකෙක් නෙමේ...මං ඇස් අරින කොටම මූ මගේ මූණට උගේ මූණ ළං කරං ඇස් දෙක පොල් ගෙඩි දෙකක් කරං බලං ඉන්නවා.ඔහොම කරද්දී බය වෙන්නැද්ද හු#ත මං අහන්නේ..."ඌ නැගිට්ටද බං...?"
කියලා අහගෙන විදේනිත් එවෙලෙම කාමරේට ආවා."නැගිට්ටා බං නැගිට්ටා...බලපං ඊයේ මං බල කරපු නිසා බීපු එකා...යසට බෝතලේට කෙලලා එක පාරටම පුටුවකට කඩන් වැටිලා නිදි...චී...චී...චී රිත්‍ය...මං හිතුවේ නෑ ඔයා ඔහොමයි කියලා..."
සෙනූෂ කටත් ඇද කරං කියද්දී මටත් ලැජ්ජ හිතුනා.මුං කියන තරම් මං බීලද යකෝ..."ඔව් බං ඈ...අමෝ අමෝ රිත්‍ය...උබත් මාර බඩ්ඩ ඈ...තෝ කෙළපු පිස්සු වල හැටියට පහළ උං උඩට නොආපු එක පුදුමයි"
"උබලා ඔය කියන තරම් මං බිව්වා වෙන්න බෑ බං...මං එහෙම බොන්නෑ බං...සිරාවටම මං ගොඩක් බිව්වද ඕයි?"
"හා...බිව්වද කියලත් අහනව..උබ නම් නියම බෙබා ඈ...ඒක නෙමේ මචං...උබ කාටද සුර කුමාරයද දූතයද කියන්නේ?උබ මහ පාන්දරත් මං අහගෙන සුර කුමාරයෙක්ද ඔන්න ඔය මොකෙක්ද ගැන කියෙව්වා..."
විද්‍යාන් ඉනට අත් දෙකත් තියං කිව්වා.යකෝ කවුද මේ සුර කුමාරයා...මං ඔච්චර පිස්සු කෙලලද?වෙන්න බෑ වෙන්න බෑ...මුං මෙව් බොරු කියන්නේ...මං ස්වර්ගයටවත් ගියාද?
චික්...මොනවද මං මේ හිතන්නේ?...පිටවි සිහියට වරෙං රිත්‍ය උබ මේ දකින්නේ හීනයක්..."අඩෝහ්..."
සෙනූෂ මගේ මූණට ළං කරලා අත්පුඩියක් ගැහුවා."ආ...ඇයි?"
"මොන සිහියෙද ඉන්නේ...?වරෙං උයලා තියෙන්නේ කන්න යන්න..."
කියාගෙන සෙනූෂයි විදේනුයි සාලෙට ගියා.දෙන්න හිතයි මේ සෙනූෂ පොඩි පගයට.මූ ඔක්කොම කරන්නේ මූණට අල්ලලා හු#ත.තව එකක් දෙන්නතේ🌝.
Choco_Bear🤎✨.
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasyජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...