"අඩෝ...යමංකෝ බං..."
සෙනූෂ අද දවසේ දහස් වෙනි වතාවටත් school එකේ තියෙන singing competition එකට යන්න කතා කළා.මං සිංදු කියන්න දන්න මනුස්සයෙක්ද අනේ ඕවට යන්න...මුට ඒක කිව්වට තෙරෙන්නේ නෑ නේ...අනික මුං සෙට් එකටම sing කරන්න පුලුවන් මට බැරි උනාට...එහෙව් එකේ ඉන්න අහිංසක මට පාඩුවෙ ඉන්න නොදෙන හැටි...පව පව...මේවට කියන්නෙ පව..."යන්න බැරි නම් නටන්න කියපං සෙනූෂ ... උබ මොකටද ඔච්චර නටන්න යන්නෙ එකෙක්ව ඇදං යන්න "
මං ඉන්න තැන් වල කට අරින්නෙ නැති පොල් පැකිරිස්සා අද කටක් ඇරලා කිව්වා.පගයා ඕකා ඔය hint pass කරන්නේ මට තමයි...මේ ළඟ දී ඌයි මායි අතර යම්කිසි උණුසුම් සිද්ධියක් උනානේ... උණුසුම් සිද්ධියක් කියන්නේ මේ මේ වැරදි දෙයක් නෙමේ... මොනවා උනත් ඕකා ඒක හිතේ තියාගෙන ඉන්නේ...ඒකයි ඔය මට එක එක ඒවා කියන්නේ...මෙන්න මේකයි කොටින්ම උනේ...
සෙනූෂ මේ ළඟදී මගෙන් ඇහුවා"ඒ මචං රිත්‍ය...උබ දැන් ස්කෝලෙට ඇවිල්ලත් මාස දෙකකටත් වැඩී නේ මචං...ඇයි උබ විද්‍යාන් එක්ක කතා කරන්නෙ නැත්තේ... "
කියලා.මං ගත් කටටම කිව්වා"ඔය පොල් පැකිරිස්සාගෙ ලොකුකම මට දැක්ක දා ඉදන් අල්ලන්නෑ... ගල් පගා බලපං ලොකුකම...උගේ අප්පට ගිය රටක් " ය කියලා...මගේ මහ පගාලා දෙන්නා වෙච්ච විදේනුයි සෙනූෂයි බඩ අල්ලන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා එක පාරට...හිනා වෙන්නේ මොකො ඇහුවම සෙනූෂ ඇස් දෙකෙන් පිටිපස්ස පෙන්නුවා...මං එක පාරට පිටිපස්ස හැරෙද්දි හිටියෙ පොල් පැකිරිස්සා...ඒ කියන්නේ ඌ එච්චර වෙලාවල් මගේ පිටිපස්සේ ඉදලා තියෙන්නේ... මේ මහ පගා මට රැව්වා කියපං කෝ... මාත් ඉතින් ඊට නොදෙවෙනි ලෙස රැව්වා ඇයි රෙද්ද...ඊට පස්සේ මූ හෙනම හයියෙන් මගේ ඇගේ හැප්පීගෙන ගියා...කුලප්පු වෙච්ච ගල් නාම්බෙක් වගේ...විදේනුයි සෙනූෂයි ඒත් හිනා වෙනවා...මං උන් දෙන්නටත් රවලා class එලට ගියා.එනව මෙතන හිනා වෙන්න...රෙද්ද...මට දැන් තමයි හු#ත යකා නගින්නේ...හැබැයි නිකං මොකක්ද මොකක්ද වගේ...පොල් පැකිරිස්සා ඉස්සරහම උට දාලා තියෙන නම කිව්වම...කමක් නෑ... මට මොකො...උගේ අහවල් ලොකුකම නිසානේ මේ ඔක්කොම රෙද්දවල්...
"බැරි නිසානේ බෑ කිව්වේ...පුලුවන් එකා ඉට්ජින් යන්නැතෑ...මට මොන කෙහෙම්මලක්ද කියන්නේ ... "
කියලා මං පොල් පැකිරිස්සට රැව්වා."අපෝ...අපෝ...උබලා කටවල් වහගනින්...දෙන්නගෙන් එකෙක් එන්න එපා competition එකට යන්න...සෙනූෂ ...අපි දෙන්නා යමං සුදු මහත්තයෝ..."
විදේන් රව රව කිව්වා...ප#යෝ රවන්න එපා මට sing කරන්න බෑ යකෝ තේරුම් ගනිංකෝ රෙද්ද..."අනේ ඔව් මචං...අපි යං...හරි හරි ඕවා වැඩක් නෑ...මං හෙට යනවා රිත්‍යගේ බෝඩිමට...උබලත් එනවද...?"
සෙනූෂ එහෙම කියලා ඉවර වෙද්දිම අර පොල් පැකිරිස්සා"අනේ මං නම් එන්නෑ ඔය තැන් තැන් වක යන්න...උබලා යනවා නම් පලයල්ලා.මට නම් කතා කරන්නවත් එපා..."
කියලා කිව්වනේ...අනේ අම්මපා මුගේ බල්ලගේ ගෑනිට හාල් ගරන්න පෙනේද මේ පොල් පැකිරිස්සා කිව්ව අවලං කතාව...ඌට යන්න බැරි නම් බෑ විතරක් කියපංකෝ හෑලි කියවන්නැතුව...ඕක නම් පොල් පැකිරිස්සෙක්ම තමයි...බලපංකෝ තෝ කකදා හරි ඇවිල්ලා...මං තෝව ගේ ඇතුළටවත් ගන්නෑ...තෝ දන්නෑ මේ රිත්‍යගේ හැටි...පුහ්...පොල් පැකිරිස්සෝ එනවා මේ රිත්‍යට පාට් දාන්න..."ම්...ම්...මට නවතින්න නම් එන්න විදියක් නෑ මචං...හැබැයි මං එන්නම්...අවුලක් නෑනේ රිත්‍ය...?"
"පිස්සුද විදේන්...වරෙං වරෙං ඒකෙ අවුලක් නෑ...හැබැයි ඔය එන්නෑ කියපු උංට එන්න එපා කියපං..."
මං එහෙම කිව්වම අර ගල් බලු පොල් පැකිරිස්සා මට රැව්වා...මේ රිත්‍යට පුලුවන්ද පොල් පැකිරිස්සෙක්ට second වෙන්න...මාත් රැව්වා...රෙද්ද..."හරි...එහෙනම් විදේනයා උබ හෙට හවසට අපේ ගෙදරට වරෙං...මං යන්නෙ හෙට හවසටනේ උබට මාත් එක්ක යන්න පුලුවන්...නැත්නම් උබට call කර කර පාරවල් කියන්නයි එක්කං යන්න මගට එන්නයි මට නම් බෑ..."
"හරි හරි...උබලට මං call ගත්තමනේ අමාරු මගුල...ඒකට මගේ රංකද විද්‍යාන් එහෙම නෑ නේද වස්තූ...ඌ මගේ හිත රිද්දන්නෑ..."
කියාගෙන විදේන් පොල් පැකිරිස්සාගෙ ඇගට හේත්තු උනා...Hii Hii ලමයි...මං ආවා🌝...ඉතිං මට පොඩි උදව්වක් දෙන්න🌝💗...ඔයාලා instagram එහෙම ඉන්නො නම් මාවත් follow පාරක් දාං යන්න...
Oshie Siriwardhane on instagram
බායි ළමය්නේ මං අදට ගිහිං එන්නාම්....ආදලේයී💗✨.Choco_Bear🤎✨.
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasyජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...