"රිතූ අයියේ..."
මං ස්කෝලේ ඉවර වෙලා bus holt එකට යද්දී කවුරු හරි ගෑනු පරාණයක් මට කතා කරනවා ඇහුණ නිසා මං ආයේත් අංශක 360ක්ම හැරිලා පිටිපස්ස බැලුවා."අහ් නංගී..."
ඒ ඇවිල්ලා හිටියේ විකාශා නංගී...ඒ කියන්නේ අපේ වයලින් කෙල්ල..."අයියේ...විද්‍යාන් අයියා අද ස්කෝලේ ආවද?.."
එයා එහෙම අහද්දි මට ඇත්තටම මාරම ලෝභ හැගීමක් ආවා...මං කැමති නෑ එයා ගැන කවුරුත් කතා කරනවට.Specially කෙල්ලො...මං හේතුවක් දන්නෑ ඇත්තටම ඒ ඇයි කියන්න ඒත්...ඒත් අනේ ම..."අයියේ...කියන්න කෝ"
විකාශා නංගි මගේ අතට තට්ටු කර කර මගෙන් ඇහුවා."අ..අහ් ඔව් නංගි...විද්‍යාන් අද ආවා..."
"එයා ආයේ ජපත්‍රි එක්ක යාලු වෙන එකක් නෑද අයියේ?.."
"ඒක නම් මං දන්නෑ නංගී...ඇයි..ඔයා එක පාරටම...එහෙම අහන්නේ?.."
"එයා අඩනවා අනේ විද්‍යාන් අයියා නැතුව බෑ කියලා...එයාව ඕනිමලු.."
"එහෙමද?..ඒත්..විද්‍යාන්ට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නංගී..."
එක ඔආරටම මගෙ කටට ආපු බොරුව මං කියලා දැම්මා.ඒක වැරදියි තමයි...ඒත්..ඒත් මට බෑ එයාව වෙන කාටවත් දෙන්න...විද්‍යාන් දැනගත්තොත් එයා මං ගැන මොනවා හිතයිද?..ශික්...මටත් ඒක කිව්වට පස්සෙයි මතක් උනේ..."මොකක්...ඇත්තටම ඉන්නවද?.."
"ඔ.ඔව් නංගී...මට late වෙනවා... Bye..C u "
කියලා එයා උත්තරයක් දෙන්නත් කලින් මං යන්න හැදුවත් එයත් මගෙත් එක්කම දුවලා ආවා.එයා යන්නෙත් මං යන බස් එකේමනේ...මදැයි ඉතිං බොරු කියලා බේරෙන්න හැදුවා.ඒ නංගි ඉන්නේ අපේ ගෙවල් ළඟම නිසා මාත් එක්කම එයත් බැස්සා.ඊට පස්සේ අපි දෙන්නා සද්ද නැතුව ටික දුරක් යද්දි අපේ school badge එක ගහගත්තු කොල්ලො සෙට් එකක් පාර හරස් කරං හිටියා.කෝකටත් නංගිට මගේ පිටිපස්සෙන් එන්න කියලා මං කිව්වා.මොනවා උනත් කෙල්ලෙක්නේ.මං ඒ කෙල්ලවත් හංගගෙන ඉස්සරට යද්දි තමයි කට්ටිය කවුද කියලා අදුරගත්තේ...ඒ ඇවිල්ලා තිබ්බේ වේගාන්ගේ ලියුම මට දුන්න කොල්ලා...මිතුන්..."ආ...සුදු මහත්තයා...මල් කඩ කඩ පාරවල් ගානෙව් යනවා වගේ.."
කියලා ඌ පිටිපස්ස හැරිලා අනිත් කොල්ලො සෙට් එකත් එක්ක මට නෝන්ඩියට වගේ හිනා උනා.
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasyජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...