"අඩෝ විද්‍යාන්...උබ එන්නෑ කියලනේ කිව්වේ?"
සෙනූෂ එක පාරටම එහෙම ඇහුවම පොල් පැකිරිස්සගෙ මූණ ඇඹුල් උනා.හොද වැඩේ ඕකට...ඔහොම වෙලා මදි."මං ද?...මං මේ... මං මේ..."
"ආ...එයාට එන්න කිව්වේ මං...මූ මේ ලගකට එනවා කිව්ව නිසා මං තමයි එන්න කිව්වේ..."
පොල් පැකිරිස්සට කියන්න නොදී විදේන් පැනලා කිව්වා.මූත් වැඩී දැන් ඕනිවට වඩා."හා...විද්‍යාන් ඉදපන් ඉතිං අද හවසට..."
"ම්...ම්...බලමු බලමු"
"අනේ ඉතින් දැන් ආපු එකේ ඉදපන් නේද රිත්‍ය...රිත්‍යට අවුලක් නෑනේ විද්‍යාන් හිටියට?"
"අනේ මට මොකෝ කවුරු හිටියත් ගියත්..."
කියාගෙන මං mug තුනත් අරං කුස්සියට ගියා.මං කුස්සියට ගිහින් ටික වෙලාවක් ගියාට පස්සේ සෙනූෂත් ඇවිත් කුස්සියේ අයිලන්ඩ් එක උඩින් වාඩි උනා.වාඩි වෙලා මං දිහා අමූතුවට බලං හිටියා."මොකෝ බලං ඉන්නේ?"
"උබට කෙල්ලෙක් ඉන්නවද?"
සෙනූෂ එක පාරටම එහෙම ඇහුවම මං confused උනා."උබ දන්නවනේ මට කෙල්ලෙක් ඉදලා නෑ කියලා"
"ඒක මං දන්නවා...ඒත් මං අහන්නේ දැන් කෙල්ලෙක් ඉන්නවද?"
"නෑ...ඉන්නවනම් මං උබට කියනවනේ..."
"හ්ම්...හරි හරි...ඒත් ඔයා දන්න කෙනෙක් ඔයාට නොදැනෙන්න ආදරේ කරනවා...ගොඩාක්"
සෙනූෂ මට ඇහෙන්නැති වෙන්න හිමීට මිමිනුවත් මට ඒක ඇහුනා.මට ආදරේ කරන කවුද ඉන්නේ...අනේ මන්දා මූත් මොකක් කියවනවද කියලා..."රිත්‍ය..."
"ම්ම්...කියපං"
මං වතුර කෝප්පයක් පුරවගන්න ගමන් ඇහුවා"උබ මොනවද gay and les relationship එකක් ගැන හිතන්නේ?"
සෙනූෂ එක පාරටම එහෙම ඇහුවාම මං බීපු පළවෙනිම වතුර උගුර මගේ නහයෙනුයි කටිනුයි ආවා.මොකක්ද යකෝ මුට අද වෙලා තියෙන්නේ...මං ටික වෙලාවක් එහෙම්ම සෙනූෂ දිහා බලං හිටියා."ඉතිං කොයපං කෝ...උබ මොනවද හිතන්නේ?"
"අනේ මන්දා...ඒක ඉතින් මිනිස්සුන්ගේ කැමැත්තනේ...මට ඒක ප්‍රශ්නයක් නෑ.ඒ relationship එක honestly නම් ඒක ඇතුළේ caring , understanding වගේ දේවල් තියෙනවා නම් ...ඒක complete relationship එකක් කියලා මං හිතනවා.ඒක අසම්මතයි කියලා board ගහගෙන ඉන්න මිනිස්සුන්ට වඩා gay and les මිනිස්සුන්ට කොන්ද පණ තියෙනවා...මොකද එයාලා ඕනිම ප්‍රශ්නෙකට මූන දෙන්න බලාගෙනයි relationship එක start කරන්නේ...අනික මං එයාලගේ feelings වලට ගරු කරනවා.ඉඩ දෙනවා.ඒ අයට ඒක ප්‍රශ්නයක් නැත්නම් අහක ඉන්න අපිට මොකද?.මං මුලින්ම ගරු කරන්නෙ මිනිස්සුන්ගේ privacy එකට.අන්න ඒ නිසා එයාලට ගරු කරනවා.ඉතිං...මොකෝ එක පාරටම උබට එහෙම අහන්න හිතුනේ?..."
"ම්හ්...නෑ නිකං ඇහුවේ...සිරාවටම නිකන්"
"හරි හරි ...මේ අර පොල්...නෑ මං ඇහුවේ විද්‍යාන් ඉන්නවද මෙහේ..?"
"ඔව් ඉදීවී...උබට අවුලක් නෑනේ?"
"නෑ මට අවුලක් නෑ...අපිත් යමං ඉස්සරහට"
කියාගෙන මං සෙනූෂගේ කරටත් අත දාං ආයෙත් බැල්කනි එකට ගියා.ඕතරියා ආවා...දැන් දෙන්නේ ඩබල් අප්ඩේට්ටු හරිතේ ඩබල් අප්ඩේට්ටු දෙන්නේ...අපි ඉක්මනට මේ කපල් එක යාලු කරමු අනේ මටත් දැන් උං දෙන්නව සෙට් කරන්නැතුව මොකක්ද මොකක්ද වගේ...එහනම් අනිත් එකෙන් හම්බෙමු😘.byeee🌝💗✨.
Choco_Bear🤎✨.
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasíaජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...