"මිනුවන්..."
"අ..ආ..ඔව් කියන්න"
"මොකද කතා කලාම ඔයා නෙමෙයි වගේ යන්නේ?.."
"එහෙම එකක් නෑ...තව්සේ ඉතින් මට පුරුදු නැති නමකින්නේ කතා කරන්නේ...මේ...ඇත්තටම තමුසෙ ඇයි මට එහෙම කතා කරන්නේ?.."
"ඒක ඔයාට වැඩක් නෑ...මං..හැමෝටම එහෙම තමයි"
"හ...හැමෝටම එහෙම නම් ඇයි සෙනූෂටයි විදේන්ටයි කියන්නැත්තේ?.."
"දැනගන්නම ඕනිද?.."
පොල් පැකිරිස්සා මගේ දකුණු අතේ වැළමිට නවලා වැළමිටෙන්ම අල්ලං මගේ ඇස් දෙකට එබෙන ගමන් ඇහුවා.මේ මිනිහගේ බැල්ම හරි අමුතුයි අනේ...ඒ බැල්මට අහු උනාම මං පොඩී වගේ දැනෙනවා.අනික මූ දැන් ඕනිවට වඩා වැඩියි.නිතරම මාත් එක්ක කතාව.අනික ඇස් දෙකට එබීගෙනමයි ඉන්නේ කොයිවෙලෙ කතා කලත්.මං ඔව්වට කැමති නෑ යකෝ...මට ලැජ්ජයි.."ඒයි...මං ඔයාගෙන් අහන්නේ?.."
පොල් පැකිරිස්සා කතා කලාමයි මං ආයේ උගේ මූණ දිහා බැලුවේ.ශික්..මං මනෝපාර ගහලා තියෙන්නේ මුගේ මූණ දිහා බලාගෙනද?..ඒකත් මෙච්චර වෙලාවක්...ලැජ්ජාව දරාගන්න බැරි කමට මගේ කම්මුල් රතු වෙනවා මටම දැනුනා."අ.ආ..මොකක්ද ඇහුවේ තව්සේ?.."
මං එහෙම ඇහුවම පොල් පැකිරිස්සා මගෙන් ඈතට ගිහිං කට කොනට හිනාවක් ගන්න ගමන් සාක්කුවට අත් දෙක දාගත්තා.ඌ එහෙම කරද්දි හෙන ලස්සනයි යකෝ...මං ඌව කවදාවත් එච්චර ලස්සනට දැකලා නෑ...එයා...එයා ඇත්තටම ලස්සනයි...හරියට කිරිගරුඬ වලින් නෙලපු පිළිමයක් වගේ.."මොකද තව්සේ හිනා වෙන්නේ?.."
"අපි වෙරළු ගහ යට bench එකට යං?"
"ආ..."
"මෙන්න මෙහෙ වරෙං යන්න...උබෙත් හෙන කැටයම් තියෙන්නේ?.."
"අනේ මේ...මගේ ඇති කැටයමක් නෑ..."
කියාගෙන මං උටත් ගස්සං උට කලින් ගිහිං වෙරළු ගහ යට bench එකෙන් වාඩි උනා.ඊට පස්සේ පොල් පැකිරිස්සත් ඇවිත් වාඩි උනා.ටික වෙලාවක් මගේ දිහා බලං ඉදපු පොල් පැකිරිස්සා සාක්කුවෙන් එළියට මොකක් හරි ගත්තා..මූ කුඩු පැකට් එකක්වත් ගෙනත් ද?"මේක ඔයාට.."
කියපු එයා එක පාරටම මොකක්ද මගේ අතේ ගුලි කලා.මං අත දිහා බැලුවා.ඒක white gold වලින් හදපු මාලයක්!!!"අ..ආ...මොකක්ද මේ...ඇයි මේක මට?.."
"මේකේ pendent එක තියෙන්නේ 'M' අකුරක්...මේක දැක්කම ඉතිං...මට...ඔයාව මතක් උනා..."
"අ..ආ!!."
"තමුසෙගෙ නම් හෙනම හෙන කැටයම් ගොඩක් තියෙන්නේ...ආහ්...පිස්සුවක් වගේ අප්පාහ්...මෙන්න මේක ගනිං.."
කියලා පොල් පැකිරිස්සා ඒ මාලේ මගේ අතට දීලා එතනින් නැගිටලා යන්න ගියා...ඌ ටික දුරක් ගිහිං ආයේ පිටිපස්ස බලලා අර කලින් විදියටම කට කොනට කරලා ලාවට හිනා උනා...ඒ හිනාව නම් පිස්සුවක් යකෝ...පට්ටම පට්ට ලස්සනයි..ඒ හිනාව තමයි...අහ් අහ්..පොඩ්ඩක් ඉන්න...මොකටද මට..ඒ හිනාව..ඕතරියා ආවෝ...මේ ගියෝ...මං ආයෙ අනිද්දට එන්නම් ඒයි🌝.1K උන එකේ සතුටට මේ ආවේ ඔයාලව බලලා යන්න... Thank u අනෙව් ඒ ආදරේට🥺💗...චොකලට් ළමයි ටික මගේ🥺🤎.ගිහිං එන්නම්..පරිස්ස්මට හිනා වෙලා ඉන්න...මතක ඇතුව ඔයා හිනා වෙලා ඉන්නවද කියලා ටික් එකක් දාලම මතක තියාගන්න...හිනාව තමයි වැදගත්ම දේ...😁.
සතුටින්.සතුටින්.සතුටින්.
ආදරෙන්.ආදරෙන්.ආදරෙන්.
ගිහිං එන්නාම්...Choco_Bear🤎✨.
YOU ARE READING
දේහාදර (ONGOING)
Fantasyජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "ම...