" පුතා.........පහලට එන්න කෑම කන්න."
"හරි අම්මා මං එන්නම්.....මං දැනුයි නෑවේ...ලෑස්තිවෙලා එන්නම්"
ඉරිදා උදේම සනී නාලා ඇවිත් ලෑස්ති උනේ උදේ කෑම කන්න පහලට යන්න ඕනේ නිසා..නාලා ලෑස්ති උන සනී ඊලඟට ගියේ තෙත ටවල් එක බැල්කනි එකේ තියෙන රැක් එකට දාන්න.සනීෂගේ කාමරේම තියෙන බැල්කනි එකට මීටරයක් දෙකක් වගේ ඈතින් අල්ලපු ගෙදර කාමරේක බැල්කනි එකකුත් තියෙනවා. ටවල් එක රැක් එකට දාන්න ගිය සනීට දකින්න පුලුවන් උනේ අනිත් ගෙදර බැල්කනි එකේ රැක් එකක දාලා තිබුනු තමන් හෙට අලුතෙන් යන්න හිතන් ඉන්න ඉස්කෝලේට අයිති යුනිෆෝම් එකක්.
" ඒ කියන්නේ මේ ගෙදර ඉන්නේ...අලුත් ඉස්කෝලේ ඩයල් එකක් ද...මරු හැබැයි...මටත් කෙලවෙන්නෙම තියෙන හොඳම එකෙන් වගේ"
අනිත් බැලකනි එක දිහා ටිකක් බලන් හිටපු සනී ඉක්මනටම පහලට දිව්වේ ආපහු අම්මා කතා කරනවා වගේ ඇහුන නිසා.
" අයියා කතාකරාද සනී?"
"අද නම් කතාකරේ නෑ අම්මා..තාම ඉතින් එහෙට පාන්දරනේ..දවල් වෙලා ගනීවී..."
"ආ...මේක ගන්න"
අම්මා හදලා දීපු තේ එකයි උදේ කෑමට හදලා තිබුනු ටෝස්ට් කරපු පානුයි අරං සනි ගිහින් කෑම මේසෙන් වාඩි වෙලා කන්න ගත්තා.. කෑම කාලා ඉවරවෙලා පලතුරු කූඩෙන් ඇපල් ගෙඩෙයකුත් අරගත්තු සනී ආපහු කාමරේට ගිහින් කමරේ තිබුනු පාඩම් මේසේ ඉඳගත්තේ මුතුගල සර්ගේ වීඩීයෝ වලින් බලලා මගහැරුනු පාඩම් වැඩ ටික කරගන්න .
මුතුගල සර් : "අම්මේ ඔය චිට් වල කොච්චර තියෙනවද.නිවුන් ලමයි ඉපදෙන්නේ කොහොමද , කොහොමද , කොහොමද කියල අහලා , ඔවා කියල දෙන්න එපැයි එහෙම නැත්තම් එක එක තමන් හිතාගන්නවා
ආනේ ... ඒ වෙලාවට ඇඳ යටින් කාබන් කොලයක් තියාගන්නවා ඇති."
වීඩියෝ එක බල බල වැදගත් කරුනු නෝට්බුක් එකක සටහන් කරගන්න ගමන් හිටපු සනීෂට තේරුනේ කවුරු හරි තමන් දිහා බලන් ඉන්නවා කියලා. බැලකනිය කිට්ටුවම පාඩම් මේසේ තිබුනු නිසා සනීෂට බලපු ගමන් පේන්නේ අනිත් ගෙදර තියෙන බැල්කනි එකයි කාමරෙයි. කාමරෙ ඇතුලෙන් චායාවක් පේන නිසා සනී හිතුවේ කාමරේ අයිතිකාරයා කාමරේ ඉන්නවා ඇති කියලා....කවුරු උනත් සනී අලුතෙන් යන්න ඉන්න ඉස්කෝලේම කෙනෙක් කියලා දන්න නිසා ඒ කෙනාගේ මූණ බලාගන්න ඕන උනත් බැල්කනි එකේ තියෙන කර්ටන් නිසා සනීගේ ආසාව බොඳවෙලා ගියා.
ඉතින් පාඩම් වැඩයි , තව පොඩි පොඩි වැඩයි එක්ක වෙලාව ගෙවිලා ගිහින් දවසත් ගෙවිලා ඉවර උනා.කර්ටන් වහලා ලයිට් ඕෆ් කරන් ඇඳට ඇවිත් නිදාගන්න ගියපු සනීට මතක් වෙන්නේම එයාට හෙට අලුත් ඉස්කෝලෙට යන්න වෙන එක ගැන .