💮part 6💮

22 4 1
                                    

"ටක් ටක් ටක්. පොඩී මේ මං"

"එන්න අයියෙ ඇතුලට"

සනීගෙර් කාමරේ දොර ගාව ඉඳන් කතාකරපු සනීගේ අයියා සනීගේ අවසරෙත් එක්ක කාමරේ ඇතුලට ඇවිත් පාඩම් මේසේ ගාවට ගියේ ඒ වෙද්දිත් සනී ඉස්කෝලෙර් වැඩ වගයක් කර කර හිටපු නිසා.

"ඔයා පාඩම් කරනවද?"

"අනේ නෑ.මං මේ පොල් ගානවා. ඔයාටත් ඕනෙද?"

සනී හැරිලා අයියට ඇස්පිල්ලම් දෙකතුනක් ගහලා හිනා උනේ අයියගේ මූනට්ටත් හිනාවක් ගේන ගමන්.

"පොඩී මට ඔයා එක්ක දෙයක් කතාකරන්න ඕනේ"

සනීගේ අයියා අවිත් කාමරේ තිබුන තවත් පුටුවක් ඇදගන්න ගමන් සනී ගාවින් වාඩි උනේ ලොකු කතාවකට මුල පුරන්න මූනත් හදාගෙන.

"ඒ මොකක්ද..ආපු ගමන් ම ආයේ රට යන්නද හදන්නේ ?'

" යන්නත් ඕනනේ ඉතින් මම. ඒ උනත් ඒ ගැන නෙමේ කතාකරන්න ආවේ"

"එහෙනම් මොකක් ගැනද?"

"මං මේ අහන දේට ඇත්තම කියනවද...අයියට බොරු කරන්නේ නෑනෙ ඔයා?"

සනීගේ හිතට අමුත්තක් දැනුනත් තමන්ට පනවගේ ආදරේ කරන අයියට මීට කලිනුත් බොරුවක් කරලා නැති නිසා අයියා අහන ඕනෙම දේකට උත්තර දෙන්න සනී හිත හදාගත්තා.

"ම්ම්ම් අහන්නකෝ බලන්න"

"හ්ම්ම්ම්ම්"

ලොකු හුස්මක් පිටකරලා පුටුවෙත් එහෙට මෙහෙට වෙලා හරියට ඉඳගත්තු සනීගේ අයියා කතාව පටන් ගත්තා.

"ඔයාගෙයි එහා ගෙදර මල්ලිගෙයි අතර තියෙන සම්බන්දේ මොකක් ද?"

ඒ අහපු දේට සනිගේ ඇස් ලොකු වෙලා ලිය ලිය හිටපු පෑන අතින් අතෑරිලා බිමට වැටුනේ සනීටවත් නොදැනීමයි.

"බය වෙන්න එපා සනී.මං මේ දේවල් ගැන අම්මට කියන්නේ නෑ. මට දැනගන්න ඕනේ ඇත්ත විතරයි"

"අයියා කොහොමද දන්නේ?"

" එදා පාර්ටි එක දවසේ ඔයා එහෙනේ හිටියේ.ඉතින් මං එදා හිටියේ ඔයාගේ කාමරේ. මම බැලකනි එකෙන් දැක්කා ඔය දෙන්න තුරුල් වෙලා ඉන්න විදිහ ."

"අනේ අයියේ මට සමාවෙන්න කලින් කියන්න බැරි උන එකට"

සනී එහෙම්මම බිම බලාගෙන අයියාගෙන් සමාව ඉල්ලුවේ අයියගෙන් හැමදේම හංගපු එකට.

..💮සකුරා💮..Where stories live. Discover now