💮part 5💮

25 3 2
                                    

" ආ මේක බොන්න"

"මං ඔය ජරාව බොන්නේ නෑ"

පැත්තකට වෙලා පාඩුවේ හිටපු සනී ගාවට ආව ප්‍රකාෂ් සනී ගාවින් ඉඳගන්න ගමන් සනීට වීදුරුවක් දික් කරා.

"එහෙම මගුලක් නේමේ මේකේ තියෙන්නේ.මේ ස්ප්‍රයිට්.විකාර නැතුව බොනවා"

සනීට බොරු කියපු ප්‍රකාෂ් ස්ප්‍රයිට් එකට වොඩ්කා කලවම් කරපු බීම වීදුරුව සනීගේ අතින් තිබ්බා.

"මේකේ අමුතු ස්ටෝබෙරි රහක් එනවනේ"

"ආ...ඔව් නේ.ඔය අලුත් වර්ගයක් ස්ටෝබෙරි සිරප් මික්ස් කරලා හදන"

"මොනාද"

"කටපියාගෙන ඕක බොනවකෝ"

සනිගේ අතේ තිබ්බ වීදුරුව අරගෙන බලෙන්ම සනීට ඔක්කොම ටික පොවපු ප්‍රකාෂ් ආපහු සනීගේ ඔලුවට අත තියලා සනීගේ කොන්ඩේ ඇවිස්සුවා.

"ඔහොම ඉන්න සනී මං එන්නම් "

"හ්ම්"

ප්‍රකාෂ් නැගිටලා ගියාට පස්සේ ආපහු සනී පෝන් එක ඔබන්න ගත්තා..

"ආව්..ඇයි මගේ ඔලුව රිදෙන්නේ"

ටිකවෙලාවක් යද්දි සනීගේ ඔලුව රිදෙන්න ගත්තු නිසා සනී ඔලුව අල්ලගෙන මසාජ් කරන්න ගත්තා.

"මොකද සනී"

"මගේ ඔලුව රිදෙනවනේ..ඇගටත් නිකම් පන නෑවගේ"

"කෝ එනවකෝ එහෙනම් "

ස්නීවත් අතට වාරු කරගත්තු ප්‍රකාෂ් සනීව කාමරේට එක්කන් ගිහින් ඇඳෙන් තිබ්බා.

"ඔයා ටිකක් නිදාගන්න සනී..එතකොට අඩුවෙයි"

"දාලා යන්න එපා"

ආපහු යන්න හැරුනු ප්‍රකාශ්ගේ අතින් අල්ලගත්තු සනී ප්‍ර්‍රකාෂ්ව තමන් ගාවින් ඉන්දවගත්තා.මේ දේවල් සනී හිතලා නොකෙරුවට ප්‍රකාෂ් වොඩ්කා කලවම් කරලා දුන්න නිසා සනීගේ හිතේ ප්‍රකාෂ් ගැන තියෙන කැමැත්තක් එලියට එනවා කියන එක ප්‍රකාෂ්ටත් තේරුනා.

" හරි සනී.මං ඔයාව දාලා යන්නේ නෑ.ඔයා නිදාගන්නකෝ"

එහෙම කියපු ප්‍රකාශ් සනීට නින්ද යනකන්ම සනීගේ ඔලුව අතගගා හිටියා.

..💮සකුරා💮..Where stories live. Discover now