💮part 8💮

19 2 0
                                    

"සනී...සනී....මොකද බං වෙලා තියෙන්නේ කතා කරපන්කෝ"

සනී හිටියේ පිට්ටනිය කෙලෙවරේම තිබුන ලොකු නුග ගහ යට තිබුනු ගල් බංකුවකට වෙලා ඉඳගෙන පිට්ටනියේ පැත්තක් දිහා බලාගෙන කල්පනා ලෝකෙක තනිවෙලා.සනීගේ මේ හැසිරීම රුචීට වැඩිය නොතේරුනත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා හිතපු රුචී නිහැඬියාව බිඳලා කතාකරන්න ගත්තා.

" ආ...අනේ සොරි බං රුචී...මට ඇහුනේ නෑ."

" ඒක දැනගන්නම තමා මං උබට කතා කරේ... මොකද බං වෙලා තියෙන්නේ ? ප්‍රශ්නයක් ද?  උබ ඔහොම ඉන්න එකෙක් නෙමේ බං. උබ ඔහොම ඉද්දි බයත් හිතෙනවා "

" අනේ මන්දා රුචී..මට මහ අමුත්තක් දැනෙනවා..ඒක මටවත් තේරුන් ගන්න බෑ හරියට"

" ඒ කිව්වේ ? මොකක් හරි අවුලක් උනාද?..අයියයි උබයි රණ්ඩු උනේ එහෙම නෑනේ ? "

" එහෙම එකක් නෙමේ බං..ප්‍රකාෂ් අයියා ලඟ ඉද්දි මොකක්දෝ දැනෙනවා. හරි අමුතුයි.. ඒ ගැන හිතලා ම මට පිස්සුවගේ දැන්"

" මෙහෙම වෙන්නත් පුලුවන් බං..අර කතාවකුත් තියෙන්නේ..ගැලපෙන කෙනා ආත්ම ගානක් පස්සෙන් පන්නගෙනම එනවා කියලා...සමහරවිට උබලා දෙන්නත් එහෙම වෙන්න ඇති...ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා බං..නැගිටපන්..ඊලඟට chemestry"

ඉඳගෙන හිටපු තැනින් නැගිටපු රුචී සනීවත් ඇදගෙන ආපහු පංතියට දුවන්න ගත්තේ සනීට තවත් කල්පනා කරන්න නොදී තියන්න ඕනෙ නිසාමයි.

" අඩේ සිහින... කෝ බං පංතියේ අනිත් උන්? "

සනී සහ රුචී පංතියට යද්දිත් පංතියේ හිටියේ කපල් එකක් විතරයි. ඒ සිහිනයි සයුරියි.උන්ටත් දැන් හරිගිහින්නේ ඉතින්.

" උන් ඔක්කොම පහලට ගියා බං රුචික "

" අර මොකටද ඔක්කොම ගියේ ?"

" අද නාලන්දේ උන් මෙහේ එනවනේ බං අපේ big match එකට practice කරන්න.ඉතින් කෙල්ලො ගියා ඒකේ ඉන්න උන්ව බලන්න කෙල්ලෝ පස්සේ කොල්ලො ටික ගියා "

සිහින කියපු දේ අහපු ගමන් රුචී සනිවත් එක්කගෙන ආපහු පහලට ගියේ sport club එක පැත්තට යන්න. මොකද ප්‍රකාෂ් ව හොයාගන්න ඕනෙ නිසා.

..💮සකුරා💮..Where stories live. Discover now