"සනීෂ...උබ පංතියේම ඉන්නද කල්පනාව..වරෙන් යමු පහලට.දැන් ඉන්ටවල්"
" ඔයා ගිහින් එන්න රුචික....මම ඉන්නම්.."
" අනේ මෙන්න මෙහෙ වරෙන් යන්න. අලුතෙන් ආවා කියලා බයවෙන්න එපා.."
ඉනටවල් එකෙත් පංතියටම වෙලා ඉන්න හදපු සනීව ඇදගෙම රුචීක පහලට එක්කරගෙන ගිහින් ground එකේ කොනක තිබුන ලොකු නුග ගහ යටට ගිහින් එතන තිබුන බංකුවක වාඩි උනා.
"මේ උබේ විස්තර ටිකක් කියපංකෝ බං"
"ම්ම්ම්ම්. මොනාද දැනගන්න ඕනේ උබට?"
"සාමාන්‍ය විස්තර ටිකක් කියාම් ඉතිම්"
" නම කියන්න ඕනේ නෑනේ නම දන්නවනේ උබ. තව ඉතින් අපේ පව්ලේ ඉන්නේ මායි අම්මයි අයියයි. අම්මයි මායි දැන් කොලඹට වෙලා ඉන්නවා.අයියනම් රට. මගේ තාත්තා නෑ. තාත්තා නෑ කියලා දැන් අව්ලකුත් නෑ"
"ඔව් ඔව් ආ. ඕවා ගැන හිතලා උබ A/L නාගන්නවා එහෙම නෙමේ"
" පිස්සුද ඕයි. මට තාත්තව දැන් ගානක්වත් නෑ. ඒක නෙමේ උබේ විස්තර ටිකක් කියපන් බලන්න"
" අපේ පව්ලේ ඉන්නේ අප්පච්චියි අම්මයි මායි අක්කයි. අප්පච්චි නම් රට අම්මා නම් මෙහෙ බැංකුවක වැඩ. අක්කා කැම්පස්"
" මරුනේ. උබත් හොදට රිසාල්ට් එකක් දාලා කැම්පස් යමන් එහෙනම්"
"අපෝ මට නම් කැම්පස් පේන්න බෑ බං.මං AL කරලා රටකට යනවා."
"මාත් නම් කැම්පස් යන්න ආස නෑ.."
"ඒ ඒ නවත්තගනින් ප්‍රකාශ් අයියායි ආදිත්‍ය අයියයි එනවා මේ පැත්තට"
" මොක්කු?"
"කොක්කූ.....HP බං HP"
රුචික ඉස්සරහින් එන කොල්ලො දෙන්නෙක්ව පෙන්නලා බය වෙලා වගේ සද්ද නොකර ඉන්නවා දැකලා සනිත් ඒ කොල්ලො දෙන්නා නුග ගහ පැත්තට එන දිහා බලාගෙන හිටියා.
" රුචික මල්ලි.....උබට මම සිකුරාදා මොකක්ද කිව්වේ.ආ.... ඇයි බං practice එන්නේ නැත්තේ??"
" අ..අනේ සොරි අයියේ...සීරියස්ලි මට අමතක උනා....මම හෙට ඉඳන් එන්නම්"
HP එක්ක ආපු අනිත් කොල්ලා රුචිකට කෑ ගහද්දි රුචික බිම බලාගෙන උත්තර දුන්නේ බයෙන් වගේ ම ගරුසරු ඇතුව.