💮part 4💮

25 3 0
                                    

__________දින කිහිපයකට පසු________

"පුතා...."

"ඇයි අම්මා?"

" ලෑස්තිවෙලා එන්නකෝ මාර්ට් එකට යන්න"

කාමරේ පාඩම් වැඩ කර කර හිටපු සනීට අම්මා කතාකරේ කාමරේ දොර ගාව ඉඳන්.

"මාර්ට් යන්න මේ දැන්.ඒ මොකටද?"

"අද රෑට පාර්ටි එකකට ඉන්වයිට් එකක් ආවා.ඒ නිසා හිස් අතින් යන්න බෑනේ.මොනා හරි ගන්න මාර්ට් යන්න ඕනේ."

කාමරේ දොරත් ඇරං සනී එලියට ඇවිත් අම්මා ඉස්සරහින් හිටගත්තා.

" පාර්ටි එකක්?? ඒ කොහෙද?"

" අල්ලපු ගෙදරින්.ඒ ආන්ටි මාත් එක්ක ගොඩක් හිතවත් උනා.ඉතින් අද එයාලගේ ගෙදර පාටි එකක්ලු.අපිටත් ඉන්වයිට් කරා ."

'අල්ලපු ගෙදරම නේද අර අපේ ඉස්කෝලේ underwear කොල්ලා ඉන්නේ.කව්ද කියලා බලාගන්නත් මරු චාන්ස් එක.'
එහාපැත්තේ කාමරේ ඉන්න කොල්ලව බලාගන්න ඕන කමත් සනීට තියෙන නිසාම සනීටත් මේ පාර්ටි එකට යන්න උවමනාවක් ආවා.

"ආ හරි අම්මා. මං ලෑස්තිවෙලා එන්නම් අපි යමු."

ආපහූ කාමරේ දොරත් වහලා බාතෲම් එකට ගියපු සනී මූනත් හෝදගෙන ඇවිත් කලු ඩෙනිමට නිල් පාට ටී ශර්ට් එකකුයි වේව්ස් දෙකකුයි දාගෙන ලෑස්තිවෙලා පෝන් එකත් ආං පහලට ගියේ අයියා ටික දවසකින් කතාකරෙත් නැතිනිසා ආපහු කෝල් එකක් අරං බලන්න.

"අම්මා..."

"ම්ම්ම් ඇයි?"

"අම්මට අයියා කතාකරාද.මට ටික දවසක ඉඳන් කතාකරේ නෑනේ"

"නැහැනේ.මට ගත්තෙත් නෑ. සමහර විට හිඟක් වැඩ ඇති"

"ම්ම්ම්.ඔව් නේද"

කතා කර කර ම මාර්ට් ගිහින් ඕන කරන බඩුත් අරගෙන ආපහු ගෙදර ඇවිත් කාමරේට ගියපු සනී කර්ටන් අස්සෙන් හොරෙන් බැලුවේ එහාගෙදර කාමරේ ඉන්න කොල්ල අදවත් පේන්න ඉන්නවද බලන්න හිතුන නිසා.ඒත් ඉතින් පොරනම් පේන්න හිටියේ නෑ.
හවස ටිකක් නිදාගත්තු සනී පහට විතර නැගිටලා බාතෲම් එකට ගියේ පාර්ටිය හවස 6 ට තිබුනු නිසා නාගෙන එන්න.හොඳහැටි නාගෙන ඇවිත් සුදු පාට ශෝට් එකකට සුදු ටී ශර්ට් එකකුයි ඒකට උඩින් පොඩි කවර් ජැකට් එකකුයි සුදු ඩෙක් දෙකකුයි දාලා සනී ලෑස්තිවෙලා පාහලට ගියා.

..💮සකුරා💮..Where stories live. Discover now