-" හිත ගැස්සිලා වෙන්ට ඇති මැණිකේ... නිදාගන්නකො මම ඉන්නම් උදේ වෙනකන්.."
දයා කියද්දි මන්දාකිණි ඇඳට ගියේ වෙවුලන අඩි තියමින්.. කෙල්ල පන්සිල් අරගෙන බුදුගුණ සිහි කරන්න ගත්තේ ඇස් වහගෙන..
ඒ එක්කම නරීන්ගේ උඩුබුරලීමක් එක්ක මහා හූ හඬක් ඇහුනේ වලව්වට මෑතෙන් තිබුනු ලඳු කැළෑවෙන්.. මන්දාකිණිව වගේම දයාවත් ඒ හඬට ගැස්සිලා යද්දි මන්දාකිණි දයාට තුරුල් උනේ බයේ ගැහෙන ගමන්...
-" අනේ මට බයයි දයා නැන්දා.."
-" නොකිව්වට මොකද සුදු මැණිකේ දැන් නම් මාවත් වෙවුලන්ඩ වගේ.. මේ ගෙදර පිරිමියෙක් කියලා එකෙක්ට ඉන්නේ අර වත්ත බලාගන්න සුමනදාස විතරනේ.. උන්දැත් දැන් ගෙදර ගිහින් ඇති.. "
දයා කිව්වේ මන්දාකිණිගේ හිස අතගාන ගමන්.. ඒ එක්කම මන්දාකිණිට දැනුනේ වෙන් කරලා හඳුනගන්න අමාරු ඒත් ප්‍රසන්න සුවඳක්..
-" බය වෙන්න දෙයක් නෑ.. නිදාගන්න.. මං ලඟ ඉන්නම්..... බුදු ගුණ සිහි කරලා පිරිත් කියලා නිදාගන්ඩ ඔය එක මල යකෙක්ට බෑ බුදුගුණ එක්ක ඔට්ටු වෙන්න.."
නාදුනන නමුත් හුරුපුරුදු ලයාන්විත හඬ මන්දාකිණිගේ කන ලඟින් ඇහෙද්දි මන්දාකිණි ඒ හඬ අනුගමනය කලා..
-" උදෙන්ම වෙද ගෙදර ගිහින් මම තෙල් ටිකක් ඉල්ලන් එන්නම් ලොකු මැණිකේ එන්න ඉස්සර වෙලා.."
දයා කිව්ව දේට ඔලුව වනලා මන්දාකිණි ඇස් පියාගත්තේ බුදු ගුණ සිහි කරමින්..
පසුදින.......
මන්දාකිණි උදෙන්ම ඇහැරලා නාගෙන බුදු පහන තිබ්බේ ඒක කෙල්ලගේ පුරුද්දක් හන්දා.. උදේ හය වෙද්දි කෙල්ල බුදුන් වැඳලා දවස පටන් ගන්න එක මන්දාකිණිගේ දින චරියාවේ කොටසක්..
-" දයා නැන්දා.. කොහේ යන්නද මේ? "
-" වෙද ගෙදරට සුදු මැණිකේ.. මං ගොහින් මතුරපු තෙල් ටිකක් අරන් එන්නම්.. සුදු මැණිකෙගෙ හිත ගැස්සිලා නේ ඇත්තේ.. වෙද මහත්තයා මතුරපුවා ඇති මයේ හිතේ.."
දයා කිව්වේ මන්දාකිණි දිහා බලන ගමන්..
-" අනෙ මාත් එනවා.."
YOU ARE READING
දුරුතු සඳ🌙
Non-Fictionප්රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...