-"සුදු මැණිකේ... මොකෝ උනේ..? "
යුගේන්ද්‍ර ඇහුවේ මන්දාකිණිව අත්දෙකට ගන්න ගමන්.. කිසිත් නෑ කියන්න වගේ මන්දාකිණි ඔලුව වනලා යුගේන්ද්‍රගේ පපුවට හේත්තු උනා..
-" මැණිකේ...! "
-" ප්‍රශ්නයක් නෑ දයා.. මං මන්දාකිණිව අරන් එන්නම් "
දයා කෑගහගෙන මන්දාකිණි දිහාවට එන්න හදද්දි යුගේන්ද්‍ර කිව්වා.. ඒත් එක්කම යුගේන්ද්‍ර කඩුල්ල පනිද්දි මහ සද්දෙන් අකුණක් ගැහුවෙත් මන්දාකිණි කටකොනින් හිනා වුනෙත් එකම මොහොතේ..
-" මහත්තයෝ මයේ මැණිකෙට මොකෝ? "
දයා ඇහුවේ යුගේන්ද්‍ර මන්දාකිණිව කාමරේට එක්කන් යන අතරේ.. දයාට මන්දාකිණි හොඳින් බව කිව්ව යුගේන්ද්‍ර මන්දාකිණිව එයාගෙ ඇඳ උඩින් තිබ්බේ සුසුමක් පිට කරන ගමන්..
-" මට සමාවෙන්න සුදු මැණිකේ... ටිකක් ඉවසන් ඉන්න "
යුගේන්ද්‍ර හිතුවේ මන්දාකිණිගේ හිස අතගාන ගමන්.. ඒත් එක්කම මන්දාකිණි හෙමින් ඇස් ඇරියේ අපහසුවෙන්..
-" ය්..යුගේන්ද්‍ර..! "
-" දැන් කොහොමද ම්ම්ම්? ඇඟට අමාරුද? "
-" ටිකක්... මට මොකද උනේ? කඩුල්ල ලඟදි නිකන් කරකැවිල්ලක් ආවා.."
මන්දාකිණි කිව්වේ හෙමින් නැගිටින ගමන්.. යුගේන්ද්‍ර මන්දාකිණි දිහා බලලා හිනා වෙලා අතකින් අල්ල ගත්තේ මන්දාකිණිගේ ඇස් දිහාම බලන්..
-" ටික දවසක් ඉවසන් ඉන්නවා නේද මං වෙනුවෙන්? "
-" ඒ කිව්වේ? "
මන්දාකිණි ඇහුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව උනත් යුගේන්ද්‍රගේ පිළිතුර උනේ ආදරණීය වැළඳගැනීමක්.. මන්දාකිණිට නින්ද යනකන්ම ලඟින් උන්නු යුගේන්ද්‍ර එතනින් යන්න ගියේ මන්දාකිණි සුව නින්දකට වැටුනට පස්සේ..
යුගේන්ද්‍ර ආපහු යන අතරේ සෞම්‍ය හිටියේ අරලිය ගස් හෙවණේ..
-" සෞම්‍ය...! මොකෝ එලියේ.."
-" යුගා... මට මහ බයක් දැනෙනවා බන් "
සෞම්‍ය කිව්වේ යුගේන්ද්‍රගේ ඇස් දිහාම බලාගෙන.. සෞම්‍ය දැක්කා ඒ ඇස් උනත් ගැස්සුනු බව..
YOU ARE READING
දුරුතු සඳ🌙
Non-Fictionප්රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...