-" අයියා.......! "
ආර්යන් කිව්වේ කාලෙකට පස්සේ ගෙදර ආපු නාද්ව දැකලා... දරුවාවත් අතේ තියාගෙනම නාද් ලඟට දිව්ව ආර්යන් දරුවව පෙන්නුවේ බොහොම සතුටෙන්..
-" ඉලන්දාරියා.... මාව ලොකු තාත්තෙක් කලා එහෙනම්..! "
නාද් කිව්වේ කිව්වේ පුංචි ආර්යන් දිහා බලාගෙන.. ආර්යන් නම් හිනා උනේ ආඩම්බරෙන්..
-" දැන් ඉතින් ඔය ඉංජිනේරු පුතාත් මාව බාප්පෙක් කරන්න කාලේ හරි... දැන්වත් ඔය උලව්ව කියහන් බන් අයියේ..."
-" මාත් හිතුවා.. මං ආවේ උත්තරාට ඒ ගැන කියන්නත් එක්කමයි.."
-" ආං ඒ සමයම බෙහෙත් ශාලාවේ.."
ආර්යන් කියද්දි නාද් හිනා වුනේ කාලෙකින් උත්තරා දකින්න තිබ්බ ආසාව හිතේ උඩටම එද්දි..
-" ආරධ්‍යා...! අපේ මිනිහා දැන්වත් ඉන්නවද කියනදේ අහගෙන? "
-" තාමත් ඒ කුකුල් කේන්තිකාරයාමයි අයියේ.. මෙයා අවනත අයියට විතරනේ.. "
ආරධ්‍යා කිව්වේ ආර්යන් දිහා ඔරවලා බලන ගමන්.
එදිනම....
-" ආර්යන්...! "
-" ම්ම්ම්? "
-" මට අක්කා මතක් වෙනවා... කොහේ ඉන්නවද මොනා කරනවද දන්නෙ නෑනේ.."
ආරධ්‍යා කිව්වේ ඇඳ විට්ටමට ඔලුව තියන් උන්නු ආර්යන්ගේ පපුවට තුරුල් වෙනගමන්..
-" අක්කා? තාමත් ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැද්ද එයා ගැන.."
-" මොනා උනත් ඒ මගේ අක්කානේ ආර්යන්.."
-" අනේ උබලෑ සහෝදර ප්‍රේමේ මගෙන් අහගන්නෙපා... මගේ දරුවට ඔය ගෑනිගේ හෙවනැල්ලක්වත් වැටෙන්න ඉඩ තියන් නෑ මං."
ආර්යන් දත්මිටි කාගෙන කියද්දි ආරධ්‍යා සුසුමක් හෙලුවේ මන්දිරා ගැන උපන් අනුකම්පාවෙන්..
................................
-" ආර්යන්........!! මං ආවා....! "
මන්දිරා ගමට ආවේ අවුරුද්දකට පස්සේ... ගෙවුන කාලය පුරාවට මන්දිරා කලේ මලයාලම් මන්ත්‍ර, ගුප්ත ශාස්ත්‍රය ගැන ඉගෙන ගත්තු එක.. මන්දිරාටත් දැන් යම්තාක් දුරකට ආර්යන් එක්ක ගැටෙන්න පුලුවන්..
YOU ARE READING
දුරුතු සඳ🌙
Non-Fictionප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...