ඒක මහ මූසල රාත්රියක්. හුලං සැරට ඒ මේ අත යමින් රූස්ස ගස් කියා පෑවේ භයානක සිදුවීමක පෙර නිමිත්තක්. සැරින් සැරේට ඇහුන හිවල්ලුන්ගේ උඩුබුරලීම්, හුලගේ හෝ හඬ එන්න එන්නම වැඩි උනා මිස අඩුවක් නම් උනේ නෑ. හෙණ හඬ නඟමින් පුපුරණ අකුණු හඬ වගේම මුළු පරිසරයම වෙලා ගත්ත අන්ධකාරේ යමෙක්ට ගෙනත් දුන්නේ බියම විතරයි.-" වෙද මහත්තයා අද නම් ඒ තරම් හොඳ නෑ වගේ පරිසරේ.. මොකාක් හරි නරකක් දැනෙනවා "
-" මටත් මැණිකේ.. මේක නම් හොඳ වැඩක් නෙමෙයි.. මේ අරකී.. අද විශේෂ කෙම්මුර දවසක් කියලා දැනගෙනයි ඔය රඟන්නේ.."
හූමිටි තිබ්බ වෙද මහත්තයා කුණාටුව දිහා බලන් උන්නේ හරියට වෙන්න යන දේ දන්නවා වගේ..
-" ඒ ගෑනි අපිට නිදහසේ ඉන්ඩ දෙන්නෙම නැද්ද අපේ මහත්තයා.. මයෙ කොල්ලව දැක්ක කලක් මතක නෑ.. "
නාලිනී කිව්වේ හූල්ලන ගමන්..
-" හ්ම්ම්.. ඒක ඒකාගේ වෙලාව.. මැණිකේ ගිහින් අර කසාය ටික බෙදන්ඩකො.. දැන් බෙහෙත් වෙලාවත් හරිනේ.. "
වෙද මහත්තයා එහෙම කියද්දි නාලිනී ගියේ බෙහෙත් ශාලාවට.. වෙද ගෙදර.. එහෙමත් නැත්තං සමරවික්රම වලව්ව තමයි ගම් පලාතටම හිටිය දක්ෂම වෙද්දු බිහි කලේ.. එදා ඉදන් මේ වෙනතුරුම වෙදකම් පරම්පරාවෙන් පරම්පරාවට ලැබුනේ බොහොම පරිස්සමෙන්..
වෙද ගෙදරට තිබුනේ හරි ලස්සන හිත නිවන පෙනුමක්. විශාල භූමියක පිහිටලා තිබුන වෙද ගෙදර ඉස්සරහම තිබුනේ විශාල සල් ගස්, අරලිය ගස් කීපෙකුත්, සරුවට වැඩුනු සමන් පිච්ච යායත්, බුදු කුටියකුත් වගේම සමරවික්රම වලව්වත්. සුදු පාටින් පිලිවෙලට අතුගාලා තියෙන මිදුලත් කෙනෙක්ට සහනයක් ගේන්න සමත්. වලව්වට පිටුපසින් වෙද ගෙදර එහෙම නැත්තම් රෝගීන්ට බෙහෙත් කරන කොටසත් ඖෂධාගාරයත් පිහිටලා තිබුනා.. වෙද ගෙදර පෙනුම දෙවෙනි උනේ ගමේ පන්සලට විතරමයි. ඒ තරම් පින් පාටයි.. සැනසීමයි.
ඒ එක්කම ඩෝන් හඬින් හෙන ගෙඩියක් පුපුරද්දි වෙද මහත්තයා දැක්කේ කඩුල්ල ලඟ ඒ මේ අත යන විශාල කළු පාට යමක්.
-" තොගෙ මහ එකීට කියපන් යුගේන්ද්රව ඒකිට හම්බෙන්නෙ නැති බව "
ඒ දිහාම බලන් වෙද මහත්තයා මිමිනුවේ කලුපාට හෙවනැල්ල කේන්තියෙන් ඒ මේ අත යද්දිමයි.. මොන තරම් බලගතු ආත්මයකට උනත් වෙද ගෙදරට ඇතුල් වෙන්න බැරි තරම් ආරක්ෂාවක් තිබුනා.
YOU ARE READING
දුරුතු සඳ🌙
Não Ficçãoප්රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...