15 කොටස

35 11 22
                                    

දවස් දෙක තුන ගෙවිලා යද්දි මන්දාකිණි අලුත් ජීවිතේට හුරු උනා වගෙම අරලියාගෙයි සෞම්‍යගේත් ආදරේ බොහොම හෙමින් ආදරණීයව ගලාගෙන ගියේ දෙන්නගේ සම්බන්ධේ නාලිනී අනුමත කරද්දි..

-" මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි ඉන්නකෝ මාගේ සුදා "

අරලියාගේ විකාරකාරයා සින්දුවකුත් මුමුණමින් අරලියාගේ දිහාවට ආවේ පොඩි ඩාන්ස් එකකුත් දාගෙනමයි..

-" ඇත්තමයි බටු ඇටේ ඔයාව දකිද්දි මගෙ ඇඟ ඇතුලේ සැඟවිලා ඉන්න ජෝතිපාල බ්‍රෝ එලියට එනවා.. සින්දුමයි කියවෙන්නේ.."

සෞම්‍ය කියද්දි අරලියා ඔලුව උස්සලා බලමින් සෞම්‍යට රැවුවා..

-" ඒයි බටු ඇටේ... ඔයා හිතුවේ නෑනේ ඔයාට හම්බවෙයි කියලා මං වගේ හැඩකාර, දඟකාර, විසේකාර කොල්ලෙක්?"

සෞම්‍ය අහන්නේ බෙහෙත් වගයක් අඹරන අරලියාගෙන්..

-" අනේ මේ අයියේ.. මේ ගලෙන් ගුටි නොකා යනවද? "

-" යකෝ මේකි ඇඟටමනේ පනින්නේ.. යුගේන්ද්‍රයාට කියලා වැහිලා ඉන්න යස්සනීව පන්නගන්න මොනාහරි ජිගිරිබිරිස් එකක් කරගත්තා නම් හරි..."

සෞම්‍ය බක බක ගගා හිනා වෙවී කියද්දි අරලියාගේ මූණ රතු වෙන්න ගත්තේ තරහට.. සෞම්‍යගේ වාසනාවට අරලියාගේ අතේ තිබුන් ගල් වංගෙඩිය අරලියාට උස්ස ගන්න බැරි තරම් බරයි.. නැත්නම් මෙලහකටත් සෞම්‍යගේ සුදු මූණයි බෝතල් අඩි කණ්නාඩි දෙකයි විනාසයි..

-" හැච පැච තමයි!! "

සෞම්‍ය අරලියාටත් ඇද කරලා ගියේ යුගේන්ද්‍ර දිහාවට.. යුගේන්ද්‍ර නම් වෙද ගෙදරට ආව අයත් එක්ක කාර්‍යබහුල වෙලයි හිටියේ..

-" මං දුන්නු බෙහෙත් පොට්ටනි දෙක හොඳට හුමාලෙන් තම්බලා තවලා මේ තෙල් එක ගාන්න.. තුන් වරුවක් යද්දි සහනයක් දැනෙයි.."

යුගේන්ද්‍ර කිව්වේ තලතුනා වයසේ ගැහැනු කෙනෙක් අතේ බෙහෙත් බඩු වගයක් තියන ගමන්.. අවසන් රෝගීයාවත් පරික්ෂා කරලා ඉවර කරපු යුගේන්ද්‍ර ලොකු හුස්මක් ගත්තේ නළල තෙරපමින්.. කොල්ලගේ හිතේ තියෙන්නෙම තව සති කීපෙකින් උදාවෙන පෝය දවසේ.. මන්දිරා මොන විදියට මොන විනාසයක් කරයිද කියන ප්‍රශ්නෙ යුගේන්ද්‍රගේ ඔලුවේ තිබුනා..

දුරුතු සඳ🌙 Where stories live. Discover now