කෙම්මුර දවසේ උදෙන්ම වැඩ පටන් ගත්තු යුගේන්ද්‍ර හැමදේම ලැහැස්ති කරලා පොඩි බණ්ඩේ ඇතුළු පිරිසත් එක්ක තොවිල් භූමිය සකස් කලා..
හැන්දෑවෙද්දි වෙද ගෙදර ගමේම උන්ගෙන් පිරිලා ඉතිරිලා යද්දි වෙද ගෙදර වටේට තිබ්බ පහන් පැළවල් වල පහන් පත්තු වෙලා තිබුනා.. ගමේ උන්ගේ කසු කුසුව අතරේ යුගේන්ද්‍ර තොවිලේ කරන තැනට එද්දි හැමෝගෙම ඇස් ඔහුට යොමු උනේ පරිසරයම මීයට පිම්ඹා වගේ වෙද්දි.. සුදු බැනියමට සුදු සරමක් ඇඳලා ඉන වටේට රතු පටියක් බැඳලා උන්නු යුගේන්ද්‍ර දිහා සමහරු බැලුවෙ ඇහිපිය නොහෙලා.. ඇත්තටම කවුරුත් හිතුවේ නෑ යුගේන්ද්‍ර ප්‍රධාන ගුරුන්නාන්සේගේ තැන ගනීවී කියලා..
-" මං කිව්වේ.. උන්දෑ ගම්භාර දෙයියන්ගේ අවතාරයක් "
දයා කිව්වේ ලොකු මන්දාකිණිට ඇහෙන්න උනත් මන්දාකිණිගේ හිත තිබුනේ කොහෙදෝ ඈත ඉසව්වක..
-" කිල්ලට අහු උනු අය ඉන්නවද? "
යුගේන්ද්‍ර තොවිල් භූමියක ඉන්න නුසුදුසු පිරිස් ඒ කියන්නේ මරණ කිල්ල, කොටහලු කිල්ල, වැදුම් කිල්ලට අහු උනු අය ඉන්නවද වටේම නිරීක්ෂණය කරමින් බැලුවේ කියලා තොවිලේ පටන් ගන්න කලින්.. ආරක්ෂක නූල් දාන්න අවශ්‍ය කරන පිරිස් තොවිල් භූමියේ නොහිටිය එක යුගේන්ද්රට සැනසීමක් උනා... යුගේන්ද්‍ර එහෙම්ම හිසේ රතු පටියක් බැඳගත්තේ ලොකු හුස්මක් ගනිමින්..
තොවිලේ පටන් ගන්න කලින් යුගේන්ද්‍ර ආතුරයා වාඩි වෙන පන් පැදුරෙ සුදු රෙද්දක් දාලා අවශ්‍ය ප්‍රමාණයට ඒ මත සහල් දැම්මේ අතෙන් තුනී කරන ගමන්. තුනී කරපු සහල් මත ඇඟිල්ලෙන් අටමඟලය අඳින්න ගත්තේ භූමි කවි කියමින්..
-" තොලබෝපත් ගැන උපත අසන්නේ කුයියෝණිගේ දිව දරණේ උපන්නේ..................."
අටමගලේ ඇඳලා ඉවර උනු යුගේන්ද්‍ර ඒ මත බුලත් කොළ හතක්, පඬුරු හතක්, තොලබෝ කොළයක්, රවුම් හැඩේට නවපු හීරැස්ස පුරුක් තුනක් තැන්පත් කලේ ඒවට අදාල කවි කියමිනුයි.. මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්, විල්ල සහිත මෝල්ගහකුත් අනෙකුත් අදාල ද්‍රව්‍යත් තිබ්බ යුගේන්ද්‍ර පිදේනි තට්ටුවත් ලැහැස්ති කරලා වීදී සීමාවෙන් එලියට ඇවිත් බලන් උන්නේ නියමිත නැකත එනකන්.
YOU ARE READING
දුරුතු සඳ🌙
Non-Fictionප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...