යුගේන්ද්‍ර සපුමලී එක්ක යන්න ගියාට පස්සේ අරලියත් සෞම්‍යත් බෙහෙත් ශාලාවට ගියේ කසාය බෙදන්න හිතාගෙන.. ඒ අතරේ මන්දාකිණි හිටියේ මිදුලට වෙලා කම්මැලිකමේ.. ඒත් එක්කම මන්දාකිණි දැක්කේ දයාව..
මන්දාකිණි දයාට කතා කලත් දයා තෝන්තුවෙන් වගේ ගියේ මන්දාකිණිගේ හඬ නෑසුන ගානට.. දයා ඉන්නේ මොකක් හරි කරදරේක කියලා දැනුන මන්දාකිණි දෙපාරක් නොහිතම කඩුල්ල පැන්නේ අරලියාටවත් නොකියා.. අඩි දහයක් යන්න මත්තෙන් මන්දාකිණිට දැනුනේ ඔලුවට මහා බර ගතියක්.. ඒත් එක්කම මන්දාකිණිගේ හොඳ සිහිය ඈතට යද්දි මන්දාකිණි ඔහේ ඇවිදන් ගියේ මලකඳක් ගානට..
හෙමින් හෙමින් ඇවිදිමින් ආව මන්දාකිණි නතර උනේ වලව්වේ සීමාවත් පහු කරගෙන.. මන්දාකිණිගේ හොඳ සිහිය නැවත ලැබෙද්දි මන්දාකිණි හිටියේ වලව්වේ විසිත්ත කාමරේ ඇතුලේ..
........................
මේ අතරේ......
යුගේන්ද්‍ර හිටියේ ආපහු එන ගමන්.. ඒ වෙද්දිත් හුඟක් රෑ වෙලා තිබුනා වගේම අව පක්ෂේ ගෙවිලා පුර පක්ෂේ උදා වෙලයි තිබුනේ.. ඒත් එක්කම වගේ යුගේන්ද්‍රට ඇහුනේ කවුරුන් හෝ මුමුණන හඬක්.. හැරමිටියකින් වගේ යමකින් පොළවට තට්ටු කරන හඬකුත් සමන් පිච්ච මල් සුවඳකුත් ආවේ යුගේන්ද්‍රට ඒ කවුද කියලා වැටහෙද්දි..
-" ග්..ගම්භාර දෙයියන්වහන්සේ..! "
යුගේන්ද්‍රගේ හිත ගැස්සිලා ගියේ කුමක් හෝ නපුරක යමක් ඒ හිතට දැනෙද්දි..
-" ම්..මන්දාකිණි!! "
යුගේන්ද්‍රගේ කන ලඟින්ම මොකද්දෝ මිමිණුමක් ඇහෙද්දි යුගේන්ද්‍ර දෙපාරක් නොහිතා දුවන්න ගත්තේ වෙද ගෙදරට..
.
.................................................
.
අමාරුවෙන් ඇස් ඇරපු මන්දාකිණි ගැස්සිලා ගියේ අඩ අඳුරේ තිබුන වලව්වේ මුස්පේන්තු පෙනුම දැකලා... කවදාවත් නැති බයංකර පෙනුමක් වලවට තිබුනු බව මන්දාකිණිට තේරිලා ගියේ ලී තරප්පු පෙළ දිගේ බර අඩි සද්දයක් ඉහළ සිට පහළට එනවා ඇහෙද්දි..
මන්දාකිණි ඒ දිහා බැලුවත් කවුරුත් නොහිටිය හන්දා මන්දාකිණිගේ හිත ටිකක් ගැස්සුනා..
YOU ARE READING
දුරුතු සඳ🌙
غير روائيප්රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන...