හම්මෝ දෙවියනේ මෙව්වානේ ඩ්‍රාමා.. සුපිරි යාලුවෝ සෙට් එකක්.. කපල් ටිකත් නියමයි.. මලයා කිවුවා වගේම දැම් නම් ආස හිතෙනවා.. ම්ම්ම්ම්ම්..... මායි ඩැනියෙල්ලුත් දවසක ඔහොම ඉදී නේ.. හිතත්දිත් ආසාවේ බෑ දෙවියනේ.. මුළු එපිසෝඩ් සේරම එක දවසින් බැලුවා දැම් වෙලාව රෑ 11.00 යි දවල් ඉදම් බලලා බලලා ඒත් එපා වෙන්නෙත් නෑ.." කොහොමද ඒක.. "
" මරු අනේ.. කිවුට්.. ආස හිතෙනවා.. "
මන් එහෙම කියලා හෙනම මනමාල හිනාවක් දැම්මම මලයයි ජෙම්සුයි දෙන්නම හිනා උනා.. මේ ගොන් බස්සා නම් හිනා වෙන්නෙවත් නෑ..
" කෑම කාලා.. වොෂ් දාලා නිදගමු එහෙනම්.. "
ඒ එක්කම බෙල් එක වැදුනා..
" ගිහිම් ගන්න මන් හිතන්නේ කෑම ඕඩර් එක.. "
කෑමත් කාලා වොෂ්වුත් දාලා ආයේ කයියක් දාගෙන ඉදලා නිදාගන්න යන්න හැදුවා..
" මමයි ජෙම්සුයි මගේ රූම් එකේ නිදාගන්නම්.. අයියයි ඩැනියෙල්ලුයි නිදාගන්න.. "
" මමයි ඩැනියෙලුයි..? "
" මට ජෙම්ස්ව ඕනේ.. අපි දෙන්නට කරන්න පොඩි වැඩක් තියෙනවා.. "
" ඒ මොකක්ද ඒ.. "
" අද රෑට අපි ජෙම්ස්ගේ කෑල්ලව ටෝක් කරන්න යන්නේ.. "
" අම්මට ඒ කවුද.. "
" ටෝක් උනාම කියන්නම්කෝ ශාලුක ඔයාට මන්.. "
" හාකෝ හාකෝ.. බලාගෙන යනකොටම සේරමටම කෑලි ඉන්නව මට තමා කෑල්ලක් නැත්තේ.. "
" උබටත් ටෝක් කලොත් දාගන්න පුළුවන් කෑලි ඉන්නවා ඕනේ තරම්.. "
" බලමුකෝ නේ.. "
ජෙම්සුයි මලයයි මලයගේ රූම් එකට ගියා.. දැම් ඉතිම් මායි ඩැනියෙලුයි නිදාගන්න ඕනෙනේ ලැජ්ජයි අප්පා.. මන් එහෙම කාත් එක්කවත් නිදියත් නෑ එහෙම හුරු නෑ හයියෝ..
" එන්න යමු රූම් එකට.. "
මම ඩැනියෙල්වත් එක්කන් රූම් එකට ඇවිත් දොර වැහැවා.. මට මොකද මේ අලුත බැදපු මනමාලි මනමාලයා එක්ක පලවෙනි වතාවට නිදාගන්න යනවා වගේ හැගීමක් දැනෙන්නේ.. මලයයි ජෙම්සුයි නිදාගන්නේ ඇයි මන් මූ එක්ක නිදාගත්තා කියලා බඩවෙන්නේ නෑ නේ.. මෙච්චර බය වෙන්නේ මොකටද..
YOU ARE READING
SANDA RAAKA | ONGOING ✫
Romanceසඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_