8 කොටස

196 25 14
                                    


" හම්මෝ බන් හෙටින් පස්සේ මේ මගුලත් ඉවරයි නේ ලොකු දෙයක්.. "

" ඔව් බන් මේ කොන්සට් මගුලක් නිසා මට ප්‍රැක්ටිස් යන්නත් බැරි උනා කෝච් කාරයා මාව මරාගෙන කයි.. "

"උබව විතරක් නෙමේ මාවත් කාවි මටත් swimming ප්‍රැක්ටිස් යන්නත් බැරි උනා.."

හෙට ඉරිදා අම්මෝ කොන්සට් එකෙන් හෙටින් පස්සේ නිදහස්.. මායි ආරෝනුයි ඒඩ්රියනුයි ලෙයොයි කයියක් දාගෙන මේන් හෝල් එක පැත්තට ගියා.. මුන් නැටුවට මට එහෙට දුවලා මෙහෙට දුවලා එපා වෙනවා.. අදත් ඕකම තමා ඇදුම් අන්දන්නයි නටවන්නයි අපි හරියට දෙමවුපියෝ වගේ මොන මගුලක්ද මන්දා.. අද නම් කොහෙට හරි මාරු වෙන්න ඕනේ.. මට ෆුට්බෝල් ප්‍රැක්ටිස් යන්න බැරි උනා මේ සති දෙකට කෝච්කාරයගෙන් මට ඉන්න වෙන්නේ නෑ මොන මගුලක් වෙයිද දන්නේ නෑ.. හෙට සේරම ඉවර කරලා සඳුදා ඉදන්වත් යන්න ඕනේ..

" අම්මට උබත් ආවද බන්.. "

" ඔව් නේ එන්න එපාද.. "

" එපා කිවුවේ නෑ නේ ඉතිම්.. මගේ තනියට හොදයි මුන් නටනකොට හිනා වෙන්නවත්.. "

" උබලා දෙන්නා හිනා උනොත් එහෙම ඇදුම් ටිකත් ගලෝලා එල්ලනවා බාල්කෙ.. "

" කොහොමද ආරෝන් මුන් දෙන්නා සේරම එළියේ දාගෙන ඉන්නකොට නේද... ම්ම්ම්ම්ම්ම්..... "

" ආසයි වගේ නේ කලින් කිවුව නම් පෙන්නනවනේ.. එන්න ජෙම්ස් අපි යමු මුන්ට නටන්න බැරි නම් ඕනේ මගුලක් කරගන්න දීලා.. "

" උබ මේ මාවත් දාලා යනවද.. මම නටන්නේ නෑ නේ.. "

" උබත් හිටපන් මුන් දෙන්නා එක්ක.. මායි ජෙම්ස්වුයි යන්නේ රහසිගත වැඩකට.. "

" උබලා ඔය පඳුරක්‌ අස්සටවත් රිංගන්නද යන්නේ.. "

"පඳුරු නෑ නේ මේ scl එකේ අපි දෙන්නා බාත්රූම් එකකටවත් රිංගන්න බැලුවේ.."

" එවූ... බේසිකයෝ දෙන්නා එච්චර අමාරුවද උබලට.. උබලා දෙන්නට නම් ලැජ්ජාවක් නෑ බන්.. "

" ලැජ්ජ නම් මෙව්වා ප්‍රසිද්දියේ කියන්නේ නෑ නේ.. අපි ගිහිම් වැඩේ කරන් එන්නම්කෝ.. "

මමයි ජෙම්ස්වුයි ගස්සගෙන එන්න ආවා.. මගුල කොහේ ගියත් කියලා යන්න ඕනෙද නෑ නේ.. අපි දෙන්නා හිමිහිට ලෙස්සිලා ආවේ අයිස්ක්‍රීම් කන්න යන්න.. අරුන්ට කියලා ආවා නම් එන්න දෙන්නේ නෑ සීතල කාලේ අයිස්ක්‍රීම් කාලා ලෙඩ වෙනවා කියලා.. ලෙයෝ අනිත් එකා ඌ තාත්තා වගේ දේශනාවක් පටන් ගනී.. ගිහින් ආවම කියනවා අයිස්ක්‍රීම් කෑවා කියලා එතකොට වමනේ කරවන්නද..

 SANDA RAAKA | ONGOING ✫Donde viven las historias. Descúbrelo ahora