" කට කැඩෙනකන් කිව්වා යන්න එපා කියලා.ඇහුවද කිව්ව දේ. කොහෙද ඉතින් අපිට රැවුල නෑනේ."
" හරි හරි මෙතනින් එලියට යන්න විදිහක් බලමු."
.
.
.
." බලමු තමයි.. මට බඩගිනියි අනේ.."
" ඉතින් මං කොහෙන් කියලා කෑම හොයන්නද? අපි ඉක්මනට එලියට යමුකෝ.."
" ම්ම්ම්...මේ... මෙච්චර ලොකු bangalow එකක් ඇතුලේ kitchen එකක් නැති වෙන්න විදිහක් නෑනේ.පොඩ්ඩක් හොයලා බලමුකෝ."
" මෙහේ අවුරුදු ගානකින් මනුස්සයෙක් ඉදලා නෑ. ඉතින් කුස්සියක් තිබුනත් ඔයාට කෑම නම් හම්බෙන්නේ නැති වෙයි."
" ඒකත් ඇත්ත තමයි. අපි කොහොම හරි එලියට යමු."
" ම්ම්ම්..බලන්න අර අතන දොරක් තියෙනවා. අපි එතනට__ "
V යමක් කියමින් ජන්ග්කුක් දෙස බැලුවත් ඔහු පෙර සිටි තැන නොසිටියේය.
" ජන්ග්කුක්..... ජන්ග්කුක්... ඔයා කොහෙද ගියේ. එන්න මෙහෙට. අපි යන්න ඕන දැන්. මේක සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නෙවෙයි... ඔයා කොහෙද ඉන්නේ කුකී."
( මේ කොල්ලා එකපාරටම කොහෙද ගියේ. කතා කරාට ඇයිද කියලවත් අහන්නේ නෑනේ. මට බයත් හිතෙනවා මෙයා ගැන. මොකක් හරි කරදරයක් ද දන්නේ නෑ..)
V එසේ සිතමින් ඇවිද යන විට ඔහු දකින්නේ අඩක් විවෘතව ඇති දොරකි. ඔහු ඒ දෙසට ඇවිද ගොස් දොරට අත තබනවාත් සමගම ඔහුට පිටුපසින් වේගයෙන් හුස්ම ගන්නා හඩක් ඇසෙන්නට පටන් ගත්තේ ඔහුද තරමක් කලබල වෙද්දිනුයි. යම් තිගැස්මක් සමගම V පිටුපස හැරෙන විට දකින්නේ ජන්ග්කුක් ඔහු දෙස බලා සිටින ආකාරයයි.
" අම්මෝ.... ඇති යන්තම් ඔයා ඉන්නවා. මං ගොඩක් බය උනා ඔයාට මොනවහරි කරදරයක්වත්ද කියලා. ඔයාට ප්රශ්නයක් නෑනේ. දැන් අපි යන්.."
ජන්ග්කුක් කිසිවක් නොකියම V දෙස බලා සිටි නමුත් V එය ගනන් නොගෙනම ඔහුගේ අතින් ඇදගෙන යන්නට උත්සහ කලේය. එහෙත් ජන්ග්කුක් මදක්වත් නොසෙල්වී V දෙසම බලා සිටියේය. ඔහු ජන්ග්කුක් අසලට ගොස් ඔහුගේ එක් කම්මුලක් මතට තට්ටු කරේ යම් අහේතුක හැගීමක් ඔහුගේ සිත තුලට දැනෙද්දිනුයි. V ගේ ස්පර්ශයෙන් පියවි සිහියට ආ ජන්ග්කුක් එකවරම බිම ඇදවැටෙන්නට ගිය නමුත් V ඉක්මන් කොට ඔහුව අල්ලාගෙන අසල ඇති පුටුවක් මතින් වාඩිකරවූවේය.
YOU ARE READING
HIDE AND SEEK || fanfiction ᵗᵃᵉᵏᵒᵒᵏ
Hayran Kurgu" V... අපි මේක ගෙදර අරගෙන යමුද?" " ඕක පැත්තකින් තියන්න." " ම්..මේ මල් ප්....පෝච්චිය හරි..හරි ලොකුයි න්...නේද?" " ඕ... ඕක බිමින් තියනවා. ඇගටවත් වැටෙයි." " හුම් හුම්... මේ අර බලු පැටියගේ ෆොටෝ එක ලස්සනයිනේ." " ම්ම්ම්ම්." " V.... අර ගෑනු ලමයට ඇදුමක් අන්...