"පොඩ්ඩක් හෙමින් යංකෝ කැලුම්..!""බොරුවට කෑගහන්නෙ නැතුව අල්ලගන්න අප්පා..!"
"අල්ලගෙන තමයි ඉන්නේ...! ඒ උනාට හිමින් යන්කෝ ..!"
දැන් වෙලාව දවල් දොළහමාරට විතර ඇති.කට්ටියම හිටියේ මීගමුවේ ඉඳන් කොළඹ යන ගමන්.හැමදාම වගේ දිව්‍යා ගියේ කැලුම් එක්ක.කලණ ගියේ නිම්න එක්ක.හැබැයි ජීවිතයේ ප්‍රථම වතාවට අයෝධ්‍යට ජයනිත් එක්ක යන්න උනා.ඒ නං හැබැයි වැඩි කැමැත්තකින් නෙමෙයි. මොකද එයාගේ බයික් එක කැඩිලා මේ ටිකේ. ඒත් අයෝධ්‍යයි ජයනී නම් හොඳට කියව කියව මහ හයියෙන් හිනා වෙවී ගියා.ඉදලා හිටලා පොඩ්ඩක් විතර මරාගත්තත් එක්ක, හැබැයි තාම මේගොල්ලෝ පිටත්වෙලා වැඩි වෙලාවකුත් නැති හින්දා කලණ ඔහේ පැත්තක් බලාගෙන ගියා නිම්නත් කරේ ඉස්සරහ බලාගෙන එළවපු එක විතරයි.
දැන් කලණට මේ වගේ ගමන් යන්න එච්චර බය හිතෙන්නේ නැහැ.දැන් එයාට bike එකේ ගිහින් ටිකක් පුරුදුයි. විශේෂයෙන් නිම්න එක්ක..! හැබැයි දිව්‍යා නම් කවදාවත් ඒ බය නැති කරගන්නෙ නෑ..එයා bike වලට ඇත්තටම හරි බයයි..!
"මේ පාර හොඳ පොත් ටිකක් තියෙයිනේ..!"
කැළුම් සයිඩ් කන්නාඩියෙන් දිව්‍යා දිහා බලාගෙන ඇහුවා."ඔව්නේ...!! හොඳ ටිකක් තියෙයි.."
ඒත් එක්කම නිම්න ඒගොල්ලන්ව පාස් කරලා විදගෙන ගියා. දිව්‍යාගේ ඇස් කෙලින්ම ඇදිලා ගියේ නිම්නව තදින් අල්ලගෙන ඉන්න කලණ දිහාවට.එයාට ඒක හරි අමුතු වේදනාවක් ගෙනාවා.ඒත් එයා ඒ හැගීම පිලිගන්න ගියේ නෑ..! ඒත්,
"මොනා වුණත් කලණයා පව්...!"
එකපාරටම කැළුම් කිවිවේ බර කටහඩකින්."හ්ම්..! ඇත්තටම කලණ හරි හොඳ කෙනෙක්..! හොඳ මිනිස්සුන්ටම එහෙම වෙන්නේ ඇයි අප්පා..!"
YOU ARE READING
365 Days With You ( Ongoing )
Romance" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අ...