" අද නම් අහසට පාළු නැතුව ඇති නේද...?"
ඉතින් නිම්නයි, කලණටයි එහාට වෙන්න තියෙන කළු ගල උඩ දිව්‍යයි, කැළුමුයි කතා කර කර හිටියේ, ජයනි ආයෙත් අර කඩේට ගියා ප්ලේන් ටී පහක් දාන්න කියන්න.
" ඇයි ඒ....?"
" ඇයි ඉතින් අහසට හඳ ඉන්නවනේ....!"
කැළුම් ලාවට අහස දිහා බැලුවා. දිගටම බලාගෙන හිටියා.
" ඒත්.... හඳ දන්නෙ නැතුව ඇති එයා නැති එකම එක දවසකට හරි අහසට කොච්චර පාලුවක් දැනෙනවද කියලා....!!"
"............."
" ඔයා ආසම පාට මොකක්ද.....?"
" දම්...!"
" ඇයි ඒ....?"
" අනේ මන්දා...! ඒ පාට ඇතුලේ මට හරි සැහැල්ලුවක් දැනෙනවා....ස්ථිර හැඟීමක් දැනෙනවා...!!!"
" හ්ම්..."
" ඔයාගෙ?"
" අද ඉඳන් දම්....!!!!!!!!!!"
" ඒ මොකෝ ඒ......????"
එතකොටම කොහෙවත් ඉඳන් ජයනි කඩාගෙන පැනලා දුර ඉඳන්ම කට්ටියට තේ බොන්න කතා කලා.ඒත් එක්කම දෙන්නම පිටිපස්ස හැරිලා හා කියන්න වගේ ඔලුව වැනුවා.කැළුම් නැගිටලා යන්න හැදුවත්,
" ඇයි ඒ...??"
කැළුම් ගෙ මූණ රතු උනා. දැන් කෝ උත්තර...!
" පස්සේ කියන්නම්...! දැන් යං තේ බොන්න...!"
එහෙම කියාගෙන දිව්යාවත් ඇදගෙන කැළුම් පෙට්ටි කඩේ පැත්තට ගියා.ඒ වෙද්දිත් නිම්න එතැනට ගිහින්, කලණ නම් තාම යන ගමන්. එයා බර කල්පනාවක ගිහින් දිව්‍යා ළඟට එනකල්ම දැක්කේ නෑ.
" වඩේ හොඳද...?"
එතකොටම කලණ ගැස්සිලා වගේ දිව්‍යා දිහා බලල ලාවට හිනා වුණා...
ESTÁS LEYENDO
365 Days With You ( Ongoing )
Romance" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අ...