07. කාලය තමයි හැමදේම...!

264 27 18
                                    

දිව්‍යා ශේප් එකේ හැරිලා දොර පැත්ත බැලුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


දිව්‍යා ශේප් එකේ හැරිලා දොර පැත්ත බැලුවා.

" ආ...එන්න කලණ...!"

ඉතින් දොර ගාව හිටගෙන හිටිය කලණ නැවුම් හිනාවකින් මූණ පුරෝගෙන මෙගොල්ලෝ ගාවට ඇවිද ගෙන ආවා.

" වරෙන් බං..."

කැළුම් එයාගෙ එහා පැත්තෙ තියෙන පුටුව කලණ ට පෙන්නුවා.

" කලණ මොනාහරි බොනවා ද...මං හදාගෙන එන්නම්...!"

" දැන් එපා කැළුම්....thanks..!"

ඉතින් මේ අලුත් යකා මොකාද කියලා අයෝධ්‍ය ගල් වෙලා බලාගෙන ඉන්නවා. මීට කලින් දැකලත් නෑ...හැබැයි මොකෙක් උනත් වැදගත් පෙනුමක් තියෙනව කියල අයෝධ්‍යට තේරුණා.

" දිව්‍යාගෙ අලුත් Customer කෙනෙක් ද...?"

අයෝධ්‍ය ලාවට හිනාවෙලා ඇහුවේ දිව්‍යා දිහා බලාගෙන.

" අාාා අයෝධ්‍යට අදුන්වලා දෙන්න බැරි උනානේ...මේ කලණ...! ලඟදි ඉඳන් අපි හැමෝගෙම හොඳ යාලුවෙක්....!"

එහෙම කියද්දී කලණ හරි අමුතු විදියට දිව්‍යා දිහා බැලුවා. හරියට එයා ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුණු විදිහට. ඇත්තටම කලණ කියන්නේ වැඩිය යාළුවෝ ආශ්‍රය කරන්න පුරුදු වෙලා හිටිය කෙනෙක් නෙවෙයි. එයාට මේ වගේ බැඳීම් ඇත්තටම මීට කලින් තිබිලත් නෑ. ඒ හින්දා එයාට මේ හැමදේම හරි අලුත්. ලස්සන අත්දැකීම් ගොඩක්.

" එතකොට කලණ මේ ඉන්නේ අයෝධ්‍ය ! මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවෙක්. I mean we are like the best friends... !"

" අාාා එහෙමද...! Nice to Meet You අයෝධ්‍ය...!"

කලණ අයෝධ්‍යට අතට අත දීලා හිනා උනා. අයෝධ්‍යත් හරි අව්‍යාජ විදිහට හිනා වෙලා අතට අත දුන්නා. ඉතින් මේ විදිහට මේ හතර දෙනා ලොකු කතාවක ගිලුණා. ඒක ඇත්තටම එකිනෙකා ව අනිත් අයට හදුන්වලා දෙනා ජාතියේ කතාවක්. වෙලාවකට දිව්‍යා එයාගෙ ඉස්කොලේ කාලේ ලස්සන මතක අනිත් අයත් එක්ක බෙදා ගත්තා. තව වෙලාවකට කැළුම් එයා ආසම රට, ඉතාලිය ගැන කියවන්න පටන් ගත්තා. තවත් වෙලාවකට කලණ එයා කියවපු ලස්සන පොත් ගැන කියවන්න පටන් ගත්තා. තවත් වෙලාවකට අයෝධ්‍ය එයාගෙ ජීවිතේ, එයාගෙ රැකියාව, ඒ රැකියා ජීවිතේ කටුක අත්දැකීම් ගැන වගේම සුන්දර අත්දැකීම් ගැන කතා කරන්න ගත්තා. ඇත්තටම මේ කතාබහේ තියෙන විශේෂත්වය මේ හැමෝම අනිත් අය කියන හැම දෙයක්ම හරි ආදරෙන් අහගෙන හිටියා. ඒ අයගේ ඒ ඒ කාල වලදී තිබුණු හැගීම්, මානසික මට්ටම් එයාලගෙ මූණේ ඇදෙන හැගීම් වලින් දැක්කා. හැම කෙනෙක්ම අනිත් අයව ලස්සනට තේරුම් ගත්තා. ඒ ඒ කතා අස්සෙන් ඒ ගැන තව දුරටත් ප්‍රශ්න අහලා ඒ කතා බහ තවත් ගැඹුරු තැනකට අරන් ගියා. ඇත්තටම මේ වගේ කතා බහක් අපි හැමෝම ලැබිය යුතු දෙයක්. අනිවාර්යෙන්ම ලැබිය යුතු දෙයක්. මේ වගේ මිනිස්සු කිහිප දෙනෙක් එක්ක එකට ඉඳගෙන, Heavens's Bookstore එක වගේ සාමකාමී වාතාවරණයක් පවතින තැනක ඉඳන් ගැඹුරු කතා බහක යෙදෙනවා කියන්නෙම වෙනස්ම විදිහේ ලස්සන අත්දැකීමක්...!

365 Days With You ( Ongoing )Donde viven las historias. Descúbrelo ahora