" දිව්‍යා....!!!!!! නැගිටින්න දරුවෝ....!!!"" අයියෝ තව ටිකක් ඉඳලා එන්නම් අම්මේ....!!"
" මේ.... මගේ යකා අවුස්සන්නේ නැතුව ගිහින් තේක බීලා ඉවර වෙලා නාගෙන එනවා....!!!"
" අයියෝ මේ මොන කරුමයක්ද...!!!!!!"
අම්මා දිව්‍යගෙ පිටට 'තඩාස්....!!!!' ගාලා පාරක් ගහගෙන සාලෙට ගියා. දිව්‍යා ඊට විනාඩි පහකට වගේ පස්සේ බැරි බැරි ගාතේ ඇදෙන් නැගිටලා wash room එකට දිව්වා. ඉතින් පැයකට වගේ පස්සේ හොඳට නාගෙන දිව්‍යා එළියට එනකොටම එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා එයා දැකල ඒක අතට ගත්තා. ඒ එයා සේව් කරලා තිබ්බ නම්බරයක් නෙවෙයි.
" හලෝ...?"
" හලෝ දිව්‍යා...මම කලණ....!!!"
" ආ කියන්න කලණ...!"
" අද බුක් ස්ටෝ එක ඇරලද....?"
" ආ...අද උදේ වරුවේ නම් වහලා කලණ මට පොඩි වැඩ ටිකක් තියෙනව...! හවස ඇරලා තියෙන්නේ...! ඔයා එන්න හවස් වෙලා...!"
" අාාා okay දිව්‍යා...මං එහෙනම් හවසට එන්නම්...!"
" අාාා ඒක නෙමෙයි...ඊයේ රෑ පරිස්සමින් ගෙදර ගියාද...?"
" අාාා ඔව් ඔව්...! නිම්න ගෙදර ගාවින්ම drop කරා...."
" අාාා...එහෙනම් හවසට හම්බවෙලා කතා කරමු...bye...!"
" හ්ම්...bye...බුදු සරණයි...!"
" බුදු සරණයි...!"
දිව්‍යා එහෙම්ම ඇදුමක් ඇදගෙන සාලෙට ගියා.
" අද මොනාද ඔයා ඉව්වේ හලෝ...?"
දිව්‍යා අම්මාගෙන් ඇහුවේ හරියට පොඩි එකෙක් වගේ නැලවිලා.
" අර තියෙන්නේ උයලා...ගිහින් බලාගනින්...!!!!"
අම්ම හිටියේ ටීවී එකේ යන හින්දි මෙගා නාට්ටියක මුලසිට බල බල...ඉතින් යකා නැග්ගා...! පණ දාගෙනනේ බලන්නේ ඔය මගුල් ටික...!
ŞİMDİ OKUDUĞUN
365 Days With You ( Ongoing )
Romantizm" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අ...