" Buzzzz—Buzzz—-Buzz-"
වෙලාව රෑ එකොළහට විතර ඇති, එකපාරටම නිම්නගෙ ෆෝන් එක රිං වෙන්න ගත්තා.
නිම්න නම් හිටියේ නිදාගෙන නෙමෙයි,හැබැයි නින්දත් පියවි සිහියත් අතර මැද වගේ තැනක. අන්න ඒ හින්දා එයා උඩ ගිහින් ඇහැරිලා ඇඳේ කොට්ටෙ යට තිබිච්ච ෆෝන් එක අරගෙන කවුද කියලා බැලුවා. ඒ එයා මේ වෙලාවේ බලාපොරොත්තු වුනේ නැති නම්බර් එකක්. ඒත් ඒ නම දැක්කත් හරි නිම්නගේ මූණ හිනාවකින් පිරිලා ගියා...
ඊට පස්සේ ඉතින් ෆෝන් එක ආන්සර් කරා. අර එයාගේ පැණි හිනාවත් එක්ක..!
"හෙලෝ...!"
"හ-හලෝ...මේ...නිම්න මල්ලි-ද..??"
" ඔව්- කවුද මේ..?"
ඒ නිම්න බලාපොරොත්තු උන කටහඩ නෙවෙයි. ඒ වෙනුවට එයාට ඇහුනේ...ගෑණු කටහඩක්..!
"ම-මල්ලි මම කලණගෙ අක්කා කතා කරන්නේ...!"
"ආ-අහ්...කියන්න අක්කේ !මොකක් හරි-"
"මල්ලි...අද කලණ ඔයත් එක්කද හිටියේ ?"
"ආ....ඔව් අක්කේ !!! මොකක් හරි අවුලක්ද ?"
"හරි....ඕකේ...ඕගොල්ලෝ රෑට මොනවද කෑවේ කියලා හරියටම කියන්න....ඉක්මනට..!!!!"
පාරමීගෙ කටහඩ වෙව්ලනවා..ඒක නිම්නට තේරුණා.
"අපි-අපි...කොත්තු කෑවේ අක්කේ..!"
"what...!!!!! මට කලණ කිව්වේ ඕගොල්ලෝ ඉදිආප්ප කෑවා කියලනේ...?"
" නෑ...නෑ..අපි කොත්තු කෑවේ...! අක්කේ මොකක්ද අවුල...!?"
"මල්ලි පොඩි හදිස්සියක්...!"
"ඒ මොකක්ද අක්කේ...???"
නිම්නට එකපාරටම හීන් දාඩිය දාගෙන ආවා.
"කලණට කොත්තු ඇලජික්...! එයාගේ මුළු ඇගේම පලු දැම්මා...ඊට පස්සේ හොඳටම අමාරු උනා..!!!"
ESTÁS LEYENDO
365 Days With You ( Ongoing )
Romance" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අ...