16. ඒක ගිහින් බලාගන්න..!

208 15 22
                                    

"දැන් යද්දි ටිකක් රෑවෙයි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.




"දැන් යද්දි ටිකක් රෑවෙයි...! ඒ හින්දා ඉක්මනට යමන්.!"

"ඔවුනේ...! දිව්‍යා......! ඉක්මනට එන්න..!"
කැළුම් හැරිලා දිව්‍යට කතාකරා.

කට්ටියම හිටියේ කාර්පාක් එකට එන ගමන්. අයෝධ්‍යයි කැළුමුයි නම් ඒගොල්ලන්ගේ බයික් ගාවට ඇවිල්ලත් ඉවරයි. ඒත් තාමත් දිව්‍යයි ජයනියි කතා කර කර ඈත එනවා. ඒ අස්සෙ කලණයි නිම්නයි හොයාගන්නත් නෑ.කොහොමහරි දිව්‍යා ජයනිත් එක්ක ඉක්මනට මේගොල්ලෝ ගාවට ආවා.

"කෝ බං අරුන් දෙන්නා?"

" කෝ ආවෙ නැද්ද ?"අයෝධය ඇහුවත් එක්කම ජයනි එහෙම කියාගෙන ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවේ කලණයි නිම්නයි එනවද කියලා. අන්න එතකොටම වගේ තමයි ඒ දෙන්නා ඈතින් එනවා දැක්කේ.හරියට නිකං මළ කඳවල් දෙකක් ඇවිදිනවා වගේ.කිසිම හැඟීමක් නැතුව ඔහේ මේ පැත්තට ඇවිදගෙන එනවා.නිම්න නම් මේගොල්ලන්ව දැක්කහම හරි හිනා වුනා. ඒත් කලණ..! තාමත් මැරිලා වගේ.ඒත් එක්කම මේගොල්ලෝ ගාවට ආපු කලණ ජයනි ගාවට ඇවිදගෙන ගියා.

" ජයනි...!"

" ඔව්..කියපන්..?.... මොකෝ බන් මූණ එල්ලගෙන..?"

" මං ඔයත් එක්ක එන්නද?"
කලණ එකපාරටම ඇහුවෙ හරි අමුතු විදිහට.ඒ අමුත්ත ජයනිට හොඳටම තේරුණා.

" ඒ මොකෝ ඒ ?"

"එන්නද....??"

" මට අවුලක් නෑ..ඒත් එකපාරටම..? නිම්නයා මොනවා හරි කිව්වද..?"

"නෑ නෑ...එහෙම දෙයක් නෙමෙයි..!!!"

"එහෙනම්...??"

"මං ස්කූටි වල යන්න ආසයි..!"
කලණ එහෙම කිව්වේ හරි අමුතු හිනාවක් එක්ක.

" අනේ පලයන්...එනවා මෙතන බොරු කියන්න..!"
එහෙම කියාගෙන ජයනි අයෝධ්‍ය පැත්තට හැරිලා අයෝධ්‍යගේ පිටට හයියෙන් පාරක් ගැහුවා.

365 Days With You ( Ongoing )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin