"ආහ් සිහින දන්නේ නෑනේ... පවිත්ර සිහිනට කිව්වේ නැද්ද...?"සඳමාලි මිස් එහෙම කිව්වම සිහින ආයෙම එයාගේ සීට් එක ලඟට ගියා...
"නෑනේ මිස්...මට ඒක කියන්න අමතක උනා..."
"කවුරු හරි මට කියනවද මොකද්ද වෙලා තියෙන්නෙ කියලා..."
පවිත්ර කිසිම දෙයක් කියන්නෙ නැති නිසා සිහින ටිකක් සැරට ඒක ඇහුවම හැමෝගෙම ඇස් සිහින දිහාවට හැරුනා... ඉතින් සිහින එතනින් වාඩි උනේ අනිත් අයගේ අවදානය එයාට අපහසුවක් උන නිසා...
"මොකද උඹ කලබල වෙලා...කලබල වෙන්න දෙයක් නෑ බන්... මන් හිතන්නේ සර් මැරි කරන්න යන්නේ... ලස්සන මිස් කෙනෙක් බන්... පෙනුමේ හැටියටයි කතාවේ හැටියටයි නම් රට හිටිය කෙනෙක්ම තමයි... දැන් දවස් තුනක් විතර ආවා... අද නම් කුකුලත් අතින් අරන් ආවේ... දැන් පැයකට වැඩී ඇතුලට ගිහින්... ඒ නිසා ටිකක් කතා කරලා පලයන්... බොස් උනත් ඉතින් තරුණ කොල්ලෙක්නෙ බන්... දන්නවනේ..."
සිහිනට දැනුනේ මුලු ලෝකෙම එයා වටේ කැරකෙනවා වගේ නිසා සිහින එයාවම පාලනය කරගන්න ලොකු උත්සහයක් ගත්තා... ඒ අතරේ පවිත්ර කියන මේ කතාවට සිහින කලබල වෙනවා කියලා දන්න ශේනුක කැබින් එකේ ඉදලා ඇහුම්කන් දෙන ගමන් පවිත්රට හිතින් බැන්නේ එයා ඉස්සරහා ඉන්න කෙනා නිසා මූණේ ඉරියව් වෙනස් කරන එක හරි නැති නිසා... ශේනුක ඔෆිස් එක් වෙන දේවල් අහන් ඉන්න එක එයා විතරක් දන්න රහසක්... ඒක සමාගමේ සුභ සිද්ධිය වගේම සේවකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙනුයි ශේනුක කලේ... ඉතින් ඒක කාටවත් ප්රසිද්ධ කරන්න ශේනුකට ඕනේ නෑ... මොකද තර්කානුකූලව බැලුවොත් ඒක හොඳ ක්රියාවක් නෙමෙයි...
"මොනවද පවිත්ර කියවන්නේ... සර්ගේ ගෑණු ළමයා වගේ උනාට සර්ට එහෙම බඳින්න තරම් හදිස්සියක් පේන්න නෑ... ඒ අය හරි ඩීසන්ට් විදිහට හැසිරෙනවා... මුන් යකෝ එක දෙක කරලනේ කියන්නේ..."
මිස්ටර් සිල්වාගේ කතාවෙන් ශේනුකට තේරුනේ මේ වෙනකොට හැමෝම ඒ ගැන කතා වෙලා කියලා...
"දන්නවනේ මෙයාගේ කට මිස්ටර් සිල්වා...ඔයා යන්න සිහින... කොහොමත් අපි කතා කරලනේ යන්නේ..."
