" සමාවෙන්ඩ ඕනි වෙද මහත්තයෝ ඒක එහෙම වෙන්ඩ විදිහක් නැතුවා. කොහොමත් ඕනි කෙනෙක්ට තේරෙනවා නේ පිරිමි අ "
" කොඩිතුවක්කු මහත්තයෝ... උබැහෙට තියෙන ප්‍රස්නෙම තමයි මටත් තියෙන්ඩේ. මාත් කල්පනා කොරන්ඩේ ඒක තමයි "
" ඉතින් ඒකනේ වෙද මහත්තයෝ. වෙන්ඩ බැරි දෙයක් මේ. කාට වුණත් වැරදීම් වෙනවා නේ ඉතින් නේද ආ "
ඊයේ රෑ වමනේ ගිහිල්ලා බඩ අවුල් වුනායින් පස්සේ අප්පච්චි ආයේ මාව එක්ක ආවේ අනුරපුරේ ඉන්ඩ වෙදා ළගට. සමහර ඒවා කසු කුසු ගගා කියොව ගත්තා වුණත් ඩිංගක් සද්දෙට වෙන්ඩ කතා කොරාපුවා තමයි මට ඔය ඇහුනේ.
ජින්නෙගේ අප්පච්චිගෙ මානෙන්...
මන් ඩිංගක් ආයේ බැලුවෙ ටිකක් එහාට්ට වෙන්ඩ රෝද පුටුවේ වාඩි ඉන්ට මයේ ලොකූ දිහා. විටෙන් විටේ ඒ ඇස් මේ දිහාට්ටත් හැරෙනවා.
" කොඩි තුවක්කු මහත්තයෝ මන් නාඩි දේහ විද්‍යාව ගැන හදාරලා වෙදකම් කොරේ අද ඊයෙක නෙවෙයි. මේ වෙද සාත්තරේ අපේ ඇගෙන්ම අපේ ලේ වලින්ම පරම්පරා ගතව එන එකක් "
" මෙහෙමයි වෙද උන්හැයියෙ. ඔබ තුමාට දොසක් වත් එහෙම මක්කවත් දොඩනවා නෙවෙයි මන්. කකුල් දෙක පණ නැති වෙන්ඩ කලින් මයේ ලොකූ තමයි මගෙන් පස්සේ අපේ ගෙදරට හයිය වුණේ. මයේ ලොකුම පුතා.
ඒක බඩේ ගෙඩියක් වෙන්ඩ ඇති වෙද මහත්තයෝ. හරි අපේ දරුවා පිරිමියෙක් කියන එක පැත්තකින් තියමුකෝ. අම්මා තාත්තෙක්ගෙ එකතු වීමක් නැතිව කොහොමත් ළමයෙක් හට ගන්ඩෙත් නැතුවානේ වෙද මහත්තයෝ .
දරුවෙක් පිළිසිද ගන්ඩ අම්මා අප්පච්චි දෙන්නම ඕනි "
වෙද මහත්තයා දොඩවන දේවල් අහලා මයේ ඔලුව හත් කඩකට පැලෙන්ඩ වයේ. අහන අහන මනුස්සයා කියන්ඩේ මේ වෙද මහත්තයා ලෙඩ නිට්ටාවට හොද කොරනවයි කියලා. ඒත් නේ බඩේ ගෙඩිය බලව ගන්ඩ එද්දි වෙන වෙන කතා නොවෑ කියන්ඩේ.
මයේ දරුවෝ දෙන්නගේ අම්මා හිටියා නම් නහරයක් පුපුරලා මක්ක හරි වෙයි.
" මාත් ඒ ගැන යසට දන්ඩවා තමයි කොඩි තුවක්කු උන්හැයියෙ . කෝකටත් මන් කියන්ඩේ මයේ සාත්තරේ ගැන සැකයක් තියේ නම් තව වෙද තුමෙක් ළගට ගෙනහිල්ලා දරුවව පෙන්ඩන්ට කොඩි තුවක්කු උන්හැයියෙ. මට සීයට සීයක් විස්වාසෙන් කියන්ඩ පුළුවන් දරුවගෙ බඩේ දරුවෙක් පණ ගහනවා කියලා "
YOU ARE READING
කටු ඉඹුල ( Ongoing )
Non-Fiction" මම කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ.......... " - අන්ගුලු මුහන්දිරාම් -