වෙලාව රෑ දොළහ වෙන්න තවත් තිබුනේ විනාඩි පහක් විතරයි.. විවාන් දීපු බෙහෙත් වලටම මට නින්ද ගිහින් තියෙද්දි කලින් තියලා තිබ්බ එලාර්ම් එක නිසා මට ඇහැරුනා.. ඒ වෙද්දිත් විවාන් හිටියේ හොඳටම නින්දේ. සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න කාමරෙන් එළියට ගියපු මම මියැසිට කියලා ගෙන්න ගත්ත පුංචි කේක් එක ෆ්රිජ් එකෙන් එළියට ගත්තා. මියැසිම ගෙනත් දුන්න චූටි ඉටිපන්දමත් ගහලා මම කේක් එකත් අරන් කාමරේට ආවත් ඒ වෙද්දිත් විවාන් හිටියේ තද නින්දක..
ඉටිපන්දමත් පත්තු කරලා කේක් එක අරන් මං ඇඳ ළඟම තිබුණ පුංචි ටේබල් එකෙන් කේක් එක තිබ්බේ කාමරේ තාමත් ඝන අඳුරේ ගිලිලා තියෙද්දි.. විවාන් නිදාගෙන ඉන්න විදිහට ඇහැරවන්න ලෝභ හිතුනත් දැන් වෙලාව දොළහ පහුවෙලා නිසා මම විවාන්ට කතා කලේ එයාගේ රියැක්ශන් එක කොහොම වෙයිද කියන බලාපොරොත්තුවෙන්..
"විවාන්.. "
"විවාන්.."
"ම්ම්හ්.."
"විවාන් නැඟිටින්නකෝ.."
"ම්හ්. ඇයි ආශු.."
"නැඟිටින්නකෝ.."
"ඇයි මොකද උනේ. ඇයි මේ මහ රැ ඇහැරගෙන.."
මගේ දිහා කලබල වෙලා වගේ බලපු විවාන්ගේ ඇස් එක තප්පරෙන් යොමුවුණේ පුංචි ටේබල් එකෙන් තියලා තිබුණ පුංචි කේක් එකට. එයා කේක් එක දිහයි මගේ දිහයි මාරුවෙවී බලන්නේ හරියට අදහගන්න බෑ වගේ හැඟීමකින්.. විවාන් නිකමටවත් හිතන්න නැතුව ඇති මම විශ් කරයි කියලා..
"ආශු..?"
"සුභම සුභ උපන්දිනයක් විවාන්..."
ඒ කියලා තප්පරයක් ගියේ නෑ ඒ ඇස් අස්සේ හරි ඉක්මනට කඳුලු බෝල දෙකක් පිරුනා. විශ්වාස කරන්න බැරි බැල්මකින් විවාන් බලන් හිටියෙම මගේ දිහාව.. ඇස් වලින් කේක් එක පෙන්නලා මම විවාන්ට කිව්වේ ඒක කපන්න කියලා.. ඒත් විවාන් කලේ මගේ දිහා බලන් හිටපු එක.. බැරිම තැන විවාන් අතට පිහිය දීලා කේක් එක අරගෙන මම ඒක විවාන්ගේ මූණ ළඟට ළං කලා.. තප්පර දෙක තුනක් ඇස් වහන් හිටපු විවාන් ඉටිපන්දම නිව්වේ හරි ලස්සනට හිනාවෙන ගමන්...

YOU ARE READING
ආශ්චර්යය ||| Ongoing ||| Sinhala BL
Phi Hư Cấu🖤__PLEASE REMEMBER ME SEASON 2__🖤 "ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම...