'හමුවූවා දවසක ඒ ගැඹුරු ඇස්.
ගිලුනෙමි මා එහි ගොඩ ඒමට නොහැකි තරම්
පතන්නම් ඔබේම වෙන්නට හැමදා.
ඇය දුටු මුල් දින
දැණුනා කුමක් නමුත් මා හදවත ඔබවම ඉල්ලන බව.
ඉතින්,එය මා දුන්නෙමි මගේ හැඟීම ඔබට නැවත ලබාගත නොහැකි ලෙසටම.
බැඳුනෙමි ඔය ආත්මයටම
ඇය මගේ කියා මා සැනසෙමි
මගේ ඇය. ඇයයි දුන්නෙ මගේ ආත්මයටම සැනසීමක්.
දුන් පොරොන්දු එලෙසම තියා ගන්නම්
මුල්ම හමුවීම නිහඬය අප අතර.
නමුත් හඬ නැගුවේ අප හදවත්ය.'තම නෝට් බුක් එකේ අවසාන වාක්ය කටු ගෑ සෙනුලි ලොකු හුස්මක් පිට කරමින් මෙතෙක් වෙලා ඇඟිලි අතර තද කරගෙන හිටි පෑන මේසෙ උඩින් තිබ්බා.තම හදවතේ තියන හැඟීම් පිටුවක වචනයකට පෙරලන්න සෙනුලි කවදත් අමතක කරන්නෙ නෑ.ඉතින්,අදත් ඒ වගේම දවසක්.ඒත්,අතීතයේ ලියවුණු හැඟීම් වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් මේ හැඟීම් වලට තිබ්බා වෙනකොට,සෙනුලි තමන්ගෙ ඇස් අග රැඳී තිබුණු කදුලු බිංදුව බිමට වැටෙන්නම ඇස් තද කරලා පුටුවෙන් නැගිට්ටා.
සෙනුලි තමන්ගෙ phone එකෙන් මහීශට msg එකක් දාන්න හිත හිත කල්මරනවා.අදට දවස් තුනක් වෙනවා සෙනුලිට මහීශා හොඳින් කතා නොකරපු.සෙනුලිවත් දන්නෑ මහීශගේ මේ හැසිරීම ට හේතුව.ඉතින්,අදත් msg එකක් දාන්න හිතලා අන්තිම මොහොතේ ඒ අදහස තමන් අතහැරියා.ඒත්,ඒ වෙලාවෙම වගේ සෙනුලිට දවස් 3 කින් මහීශගේන් පණිවේඩයක්. ඔව්!ඒක හරිම පුදුමයක්. ඉතින්,සෙනුලි ඇස් ලොකු කරලා screen එක දිහා බලන් හිටියෙ මේ දේ හරි හැටි විශ්වාස කරන්න බැරුව.
Maheesha:- senuli!
Me:- maheesha..ඔයාට මොකද වුණේ.ඇයි මට කතා කරේවත් නැත්තෙ??
Maheesha:- sorry senuli! Eth..mt oyagen ahnn deyk tiynw.
Me:- mokdd?
Maheesha:- do you have a boyfriend??
ඉතින්,මේ වෙලාවෙදි සෙනුලිගෙ හදවතේ ගැහෙන වේගෙ ගැන එයාටත් ගානක් නෑ.හදවත එලියට අරන් වගේ රිදුම් දෙනවා.මේ වෙද්දි සෙනුලි ට කතා කරන්න ගොඩක් දේවල් තියන පාටයි!
Me:-what? නෑ මහීශා!
Maheesha:- sure?😐😑
Me:- යෙස්..ඔයාට මාව විශ්වාස නැද්ද ආහ්? මට මොන කොල්ලොද මහීශා?
YOU ARE READING
සුසුම්.
Romance"ඇයි එහෙම කරේ?..මොකක්ද හේතුව?" ".........." "මට තේරෙන්නෑ ...ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?"