පැයක්,දෙකක් නෑ ඊට වඩා. කාලය ගැන හිතන්නවත් වෙලාවක් නැති වෙද්දි සෙනුලි වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙ ඉදිමිච්ච ඇස් දෙක තමන්ගෙ අල්ලෙන් පිහිදගෙන.උකුලෙ තිබ්බ phone එකත් අතට අරගෙන මහීශා එක දිගට එවලා තියන msg ගොන්න කියවන්න ගත්තෙ ඇඳෙන් වාඩි වෙලා.ඉතින්,සෙනුලි කරේ ලොකු හුස්මක් ඇස් දෙක වහගෙනම අරගෙන ඒක පිට කරලා තමන්ගෙ අතේ ඇඟිලි නියපොතු වලින් තදින් හූර හූර msg කියවපු එක.
Maheesha:- baby....what happend?
Maheesha:- ek parat kohed giye?
Maheesha:- oya hodind?
Maheesha:- ai katha natte aah?
Maheesha:- mn kalin kiyapu deta thrh wunad?
Maheesha:- sorry manika! Mn aye ehm kiynna..ennko!
Maheesha:- please call me senuli!
Maheesha:- baby!!!
ඉතින් මේ විදිහට එක දිගටම තමන්ට මොකද වුණේ කියලා මහීශා අහලා තියන පණිවිඩ උඩ ඇස් එහෙ මෙහෙ ගෙනිච්ච සෙනුලි අන්තිමට දෙයක් ලියන්න ගත්තා.
- මන් හොඳින්!...අම්මා කතා කරා. හදිස්සියේ යන්න වුණා. Sorry❤️
ඉතින්,බොරු කියලා හරි මහීශව මේ වෙලාවෙ කලබල වෙන එක නවත්තන්නයි සෙනුලිට ඕන වුණේ. අනික තමන්ගෙ ඒ නොසැලකිලිමත් බවට මහීශා කොහොමනම් වග කියන්නද කියලයි සෙනුලිනම් හිතුවෙ.
සෙනුලිගෙ පණිවිඩය එසැණින් කියවපු මහීශා ඒකට ප්රතිචාර දැක්කවුවෙ විදුලි වේගෙන් .Maheesha:- Ooh! මන් බය වුණා.මට කියලා යන්න එපැයි❤️🫢
- හ්ම්ම්✨️
සෙනුලි screen එක දිහා බලන් හිටියෙ හරිම විඩා බර විදිහට..තවත් ඇස් ඇරන් හිටියොත් නම් සෙනුලිගෙ ඇස් පිච්චෙන තරමට රිදුම්දෙන එක වැඩි වෙන නිසා ඉක්මනින් නින්දට යන්න ඕන බව සෙනුලි හිතා ගත්තෙ,මොකද හෙට ආයෙත් එයා ඉස්කෝලෙ යන්න ඕන.
-මන් යන්නද? මට නිදි මතයි!
Maheesha:- Okay babe. Good night! Heta hambemu❤️❤️
-good night❤️
ඉතින්,ඒ කියපු පමාවට සෙනුලි phone එක මේසෙන් තියලා ගිහින් නින්දට වැටුණා.
.
.
.
.
උදේම නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුණ සෙනුලි දැන් කාමරේට වෙලා කල්පනා කරන්නෙ එලියෙ වාතාවරණය මොන වගේ එකක් වෙයිද කියලා.මොකද ඊයෙ වුණ දෙයින් පස්සෙ සෙනුලි ගෙදර අයට මුහුණ දෙන හැටි හිතලවත් නැති වෙද්දි ලොකු හුස්මක් ගත්ත සෙනුලි එලියට ගියේ හොරෙක් වගේ.
YOU ARE READING
සුසුම්.
Romance"ඇයි එහෙම කරේ?..මොකක්ද හේතුව?" ".........." "මට තේරෙන්නෑ ...ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?"